මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ ප්‍රථම පළාත් කාර්යාලය යාපනයේදි විවෘත වෙයි

    පෙබරවාරි 16, 2021

    ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ ප්‍රථම පළාත් කාර්යාලය ඊයේ (15) යාපනය නගරයේ අංක 56 චැපල් වීදිය යන ස්ථානයේදී විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

     

    ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම. විදේශ රැකියා හා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රජයේ එකම විදේශ රැකියා ආයතනයයි. විවිධ රටවල විදේශ රැකියා ඉල්ලුම් කරන තරුණ තරුණියන් බඳවා ගැනිම ඒ සඳහා අවශ්‍ය මගපෙන්විම මෙම ආයතනය මගින් සිදුකරයි.

    මෙම අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කලේ, රජයට සම්බන්ධ මෙම ඒජන්සි ආයතනය මගින් ඉදිරියේදි කැනඩාව, රුමේනියාව, ඊශ්‍රායලය, ජපානය වැනි රටවල් වලින් ලංකාවට ලැබෙන රැකියා සඳහා, සුදුසුකම් ඇති තරුණ තරුණියන් යොමු කිරිමට සැලසුම් කර ඇති බවයි. සෞභාග්‍ය දැක්මට අනුව විදේශ රැකියා ක්ෂෙත්‍රය නගා සිටුවිමට 2021 වසරේ සැලසුම් රැසක් ක්‍රියාත්මක කරන බවත්, නවින තාක්ෂණය මුසුකරගත් විදේශ රැකියා පුහුණු වැඩසටහන්, අදාල රටවල රැකියා වෙළඳපළ ඉලක්ක කොට සකස් කරන බවත් ඔහු පැවසිය. වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍යාංශය සමග පසුගියදා වෘත්තිය පුහුණුවිම්වලට අදාලව අවබොධතා ගිවිසුමක් අත්සන් කිරිමද මෙම වැඩ පිළිවෙළේ එක් පියවරක් තැබූබවත්. භාෂා පුහුණුව හා වෘත්තීය පුහුණුව සහිත නිපුණ ශ්‍රම බලකායක් ජාතික වශයෙන් පිහිටුවිම මේවන විටත් ආරම්භ කොට ඇති බවද පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය. යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි තරුණ තරුණියන්ට කොළඹට නොගොස් විදේශ රැකියා සඳහා අවශ්‍ය කටයුතු ගමේ සිටම ඉටුකර ගැනිමට, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ පළාත් කාර්යාලයේ යාපනය ශාඛාව මගින් අවස්ථාව ලැබෙන බවත් එය කාලය හා මුදල් ඉතිරි කිරිමට ඉවහල් වන බවත් ඔහු වැඩි දුරටත් පැවසිය.

    මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුන්දර අරුමෙයිනායහම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගමේ සභාපති මේජර් සුදත් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya