මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් සම්බන්ධයෙන් පනවනු ලැබු නීති හා රෙගුලාසි සංචාරකයින් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ලිහිල් කර නෑ

    පෙබරවාරි 16, 2021

    කොවිඩ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවනු ලැබු නීති හා රෙගුලාසි සංචාරකයින් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ලිහිල් කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙරටට පැමිණෙන වයස අවුරුදු 12 අඩු සංචාරකයින් ගේ ඵ්Cර්‍ පරික්ෂණ සිදු නොකරන ලෙසට සංචාරක අමාත්‍යාංශ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ඉල්ලිමක් කර ඇතැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර කොවිඩ් සම්බන්ධයෙන් සියලු තින්දු හා තීරණ ගැනීමේ බල තල ඇත්තේ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බව ඇමති උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

    එසේම, නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රට වසා දැමිමේ තිරණයක් නොමැති ව පැවසු ඇමතිවරයා, කොවිඩ් පළමු රැල්ලේ දි හමුවේ මාස දෙකහමාරක් රට වැඩි දැමීමෙන් රටේ ආර්ථිකය කඩා වැටුණු බවයි.ඒහෙයින් පවතින තත්ත්වය හමුවේ කොරෝනා වෛරසයට ආරක්ෂිත ලෙස මුහුණ දෙමින් තවදුරටත් විවෘතව තබා ගනිමින් රට ඉදිරියට ගෙන යන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya