මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම්

    පෙබරවාරි 01, 2021

    සෞඛ්‍ය නීති නිසි අයුරින් පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

    73 වන නිදහස් සැමරුම් උළෙල පිළිබඳව පැහැදිළි කිරීම සඳහා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

    වෙනත් වසර වලට සාපේක්ෂව අවම භට පිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දින ත්‍රිවිද හමුදා අචාර පෙළපාලිය පැවැත්වෙන බව සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා
    නිදහස් දිනයේ අභිමානය රැක ගැනීමට මෙම භට පිරිස් අවශ්‍ය බව පෙන්වා දුන්නේය. එහෙත් මෙම සෑම භටයෙක්ම පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර නිදහස් දින උත්සවය
    පැවැත්වෙන ස්ථානයට ගෙන එන බව ඒ මහතා අවධාරණය කළේය.

    මෙවර උත්සවයට සහභාගී වන ආරාධිත අමුතතන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද අවම කර අතැයිද එම ස්ථානයට පැමිණෙන විටද උණ පරීක්ෂාවක් සිදු කරන බවද සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමෙන් පසුව ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය පැවැත්වෙන අතර යුධ හමුදා භට පිරිස් 3153ක්, නාවික හමුදා භට පිරිස් 821ක්, ගුවන් හමුදා භට පිරිස් 742ක් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පොලිස් භට පිරිස් 510ක් සහ සිවිල් ආරක්ෂක බලකායෙන් 457ක් වශයෙන් භට පිරිස් සහභාගී වේ.අනතුරුව නර්තන සහ වාදන ශිල්පීන් 340කගේ සහභාගිත්වයෙන් සංස්කෘතික අංග පැවැත් වේ.

    මහාමාන්‍ය ඩී.එස් සේනානායක ගුණ සමරු උත්සවයද එදින උදෑසන පැවැත්වීමට නියමිත අතර නිදහස් දිනට සමගාමීව දිවයින පුරා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් රුක් රෝපණ
    වැඩසටහන්,ආගමික් වැඩසටහන් ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට දිසාපති වරුන්ට උපදෙස් ලබා දී තිබේ.

    කාර්යාලවල සහ නිවෙස්වල මෙම සතිය තුළ ජාතික කොඩිය ඔසවා 73වන නිදහස් දිනයේ අභිමානය රකින් ලෙසද මහජනතාවට එම උත්සවයට සහභාගී වීමට නොහැකි වුවත් ජනතාව තම
    නිවෙස් වල සිට මෙම අභිමානවත් උත්සවය නරඹන ලෙසද ආරක්ෂක ලේකම්වරයා කීය.

    තවද නිදහස් දින පෙරහුරු පැවැත්වෙන් අද, හෙට සහ අනිද්දා දිනයන්හිදී(පෙබරවාරි 1,2 සහ 3) කොළඹ ප්‍රදේශයේ එම පෙරහුරු පැවැත්වෙන මාර්ග භාවිතයේදී යම් යම් අපහසුතා සිදු විය
    හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, රජයේ ප්‍රවෘත්ති අධ‍්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරු එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya