මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕමාන රජයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 300 ක් ඇතුළු 568 දෙනෙකු මෙරටට

    ජනවාරි 20, 2021

    ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 568 දෙනෙකු ඕමානයේ මස්කට් හි සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානා මගින් කණ්ඩායම් දෙකක් ලෙස මෙරටට ගෙන්වා ගෙන ඇත.

    ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය සමඟ එක්ව, මෙම පිරිස ගෙන්වා ගෙන ඇත්තේ ඉකුත් 14.හා15 යන දිනවලදීය.

    වීසා බලපත්‍ර කල් ඉකුත් වීමෙන් පසු ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැඳී සිටි 300 කට අධික ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සංඛ්‍යාවක් මෙයට ඇතුළත් වේ. මෙම අසරණ වූ සංක්‍රමණික සේවකයින් ඔවුන්ගේ දඬුවම් සහ දඩ මුදල්වලින් සම්පූර්ණයෙන් නිදහස් කොට, ඕමානයේ සිට ශ්‍රී ලංකාව බලා පිටත්ව යාම සඳහා ඕමාන රජය පොදු සමාවක් ලබා දුන්නේය. මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඔවුන්ට ආපසු සිය රට බලා යාමට අවශ්‍ය ගමන් ලේඛන නොමිලයේ ලබා දුන්නේය. සෙසු අය අතර, රැකියා අහිමිවූ, බන්ධනාගාරවලින් නිදහස් වූ සහ වෛද්‍ය හදිසි අවස්ථා යටතේ සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ද වෙති.

    ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා අසරණ වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට ආපසු සියරට බලා පැමිණීම සඳහා දැක්වූ නොමසුරු අනුග්‍රහය වෙනුවෙන් සුල්තාන්
    හයිතම් බින් තාරික් උතුමාණන්ගේ රජය වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය.

    අසරණව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 568 දෙනා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් ඔවුන් සඳහා නොමිලයේ පී.සී.ආර්
    පරීක්ෂණ පැවැත්වූ අතර, ඔවුන් සියලු දෙනාටම නවාතැන්, ආහාර සහ වෙනත් පහසුකම් සහිතව දින 14 ක් සඳහා රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක දී
    නොමිලයේ නිරෝධායන පහසුකම් ලබා දීමට කටයුතු සිදු කෙරුණි.

    කොවිඩ්-19 ව්‍යාප්තයෙන් පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ වන විට ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 2600 දෙනෙකුට පමණ ඕමානයේ සිට ශ්‍රී ලංකාවට ආපසු යාම
    සඳහා පහසුකම් සලසා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya