මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ගැළපෙන එන්නත හෝ එන්නත් හඳුනා ගැනීම ඉතා සැළකිල්ලෙන් සිදු කළ යුතුයි- එන්නත් ලැබුණු වහාම එම එන්නත ජනතාවට ලබා දීමට කටයුතු කරනවා - සෞඛ්‍ය ඇමති

    ජනවාරි 06, 2021

    කොවිඩ් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගැළපෙන එන්නත හෝ එන්නත් හඳුනා ගැනීම ඉතා සැළකිල්ලෙන් සිදු කළ යුතු බවත් එන්නත් පිළිබඳ පර්යේෂණ වාර්තා, එන්නතේ සඵලතාවය , අතුරු ආබාධ, එන්නත ගබඩා කළ යුතු උෂ්ණත්වය ,ඒ සඳහා පිළිගත් ඖෂධ නියාමන අධිකාරිය මගින් ලැබුණු අනුමැතිය යන සෑම කරුණක්ම මනාව අධ්‍යනය කිරීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

     

    දැනට සොයාගෙන ඇති බහුතරයක් එන්නත් සඳහා මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර නොමැති බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ විශේෂ නියෝජිතයෙක් වශයෙන් ලලිත් වීරතුංග මහතා රාජතාන්ත්‍රික වශයෙන් මේ පිළිබඳ විවිධ රටවල් සමග සාකච්ඡා කරමින් විදෙස් රටවල නිපදවා ඇති කොවිඩ් එන්නත් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කරන බවද අමාත‍්‍යවරිය පෙන්වා දුන්නාය.

    ශ්‍රී ලංකාවට නව එන්නතක් හඳුන්වා දීම සඳහා පිළිගත් ක්‍රමවේදයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරිය ලංකාවේ ජාතික ප්‍රතිශක්තීකරණ ප්‍රතිපත්තිය යටතේ නව එන්නත් රටට හඳුන්වා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් යුතු බෝ වෙන රෝග සඳහා වූ උපදේශන කමිටුව කටයුතු කරන බවද සඳහන් කළාය.

     

    එන්නත ලබා දීම සඳහා ඉලක්ක ගත කණ්ඩායම, එන්නත් ලබා දීම සිදු කරනු ලබන ස්ථාන , ශීත ධාමය පවත්වා ගෙන යාම ඇතුළු එන්නත් පිළිබඳ වෙනත් කරුණු නියාමනය කිරීම එන්නත ලබා දුන් පසු ඇතිවන අතුරු ආබාධ හඳුනාගැනීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුලත් වැක්සින් ඩ්ප්ලොයිමන් ප්ලෑන්( vaccine deployment plan ) බෝ වන රෝග පිළිබඳව උපදේශක කමිටුව මේ වන විටත් සකස් කරන බවත් එන්නත් ලැබුණු වහාම එම එන්නත ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

    වැක්සීනය මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියළු නීතිමය කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින් බවත් පසුගිය ජූලි මාසයේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මේ සඳහා ගිවිසුම් ගත වීම් සිදු කළ බවද සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    මේ වන විට එම කමිටුව පත් කළ විශේෂඥ කමිටුවක් විසින් කොවිඩ් මර්දනය සඳහා වූ සියළුම එන්නත් පිළිබඳව අධ්‍යනය කරන බවත් මෙම වැඩපිළිවෙල තවදුරටත් පහසු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු උපදේශන කමිටුවක් සහ තවත් උප කමිටු කිහිපයක්ම හරහා එන්නත් ගබඩා කිරීම ඒ සඳහා අවශ්‍ය ශීත කාමර හඳුනා ගැනීම, වියදම් ඇස්තමේන්තු හඳුනාගැනීම සහ ඒ සඳහා වියදම් හඳුනා ගැනීම් සිදු කරනු ලබයි.

     

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් “කොවැක්ස් (Covax)පහසුකම සඳහා සාර්ථක කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සඳහා ජිනීවා එන්නත් සංවිධානය වන එන්නත් හා ප්‍රතිශක්තිකරණ සඳහා වූ ගෝලීය සන්ධානය” (Global Alliance for Vaccines and Immunizations - GAVI) වෙතින් 2020.07.20 දින ඉල්ලීමක් කර ඇති බවත් ඔවුන් විසින් කොවැක්ස් පහසුකම ලැබීම සඳහා යෝග්‍යතාවය තහවුරු කර තිබෙන බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය

     

    ඒ අනුව කොවැක්ස් Covax වැඩපිළිවෙළ යටතේ එන්නත ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කළ රටක් ලෙස ජනගහණයෙන් 20%කට එන්නත ලබා දීමට හැකි බව තහවුරු කර තිබේ.

    බෝ වන රෝග පිළිබඳ උපදේශන කමිටුව විසින් එන්නතක් හෝ එන්නත් කිහිපයක් පිළිබඳ නිර්දේශයක් ලබා දුන් විගසම එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවද කීවාය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya