මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමා ශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

    ජනවාරි 01, 2021

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්, 2020 මාර්තු මස සිට සිනමාශාලා වසාදැමීම නිසා මුල්‍ය දුෂ්කරතාවන්ට ලක්වූ සිනමාශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින්, සිනමාශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ එකඟතාවය ලැබී ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරයි.

    ගරු අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ලබාදුන් උපදෙස් පරිදි, මේ සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සහ විදුලිබල අමාත්‍ය ඩලස් අලප්පෙරුම මැතිතුමා අතර සාකච්ඡාවක් පවත්වන ලද අතර, එහිදී මෙම සහන ලබාදීමට තීරණය කළ බව ජාතික චිත්‍රපට සංස්ථාව පවසයි.

    ඒ අනුව. 2020 මාර්තු මස සිට දෙසැම්බර් දක්වා වූ ගෙවීම් නොකරන ලද සිනමාශාලා විදුලි බිල්පත් මාස 12 කින් (සමාන වාරික 12 කින්) පියවීමට අවස්ථාව ලබාදීමට නියමිතය.
    එමෙන්ම, මෙම කාලසීමාව තුළ හිඟ බිල්පත් මත විදුලිය විසන්ධි නොකිරීමට කටයුතු කරනු ඇත. ඒ සඳහා වන උපදෙස් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට ලබා දී තිබේ. කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ වාතාවරණය මත සිනමාහල් හිමියන් මුහුණ දෙන ආර්ථික අභියෝග මෙන්ම නවීන
    ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඇතුළු තාක්ෂණික මෙවලම් දිගු කාලයක් අක්‍රීයව තැබීමෙන් දෝෂ ඇතිවීම වැනි තත්වයන් ද චිත්‍රපට ප්‍රදර්ශනකරුවන්ගේ සංගම් මගින් කළ ඉල්ලීම් ද මෙම තීරණය ගැනීමේදී සැලකිල්ලට ගෙන ඇත. ඒ අනුව, ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි, දිවයින පුරා පිහිටා ඇති සිනමා ශාලා 194 ක ට පමණ මෙම විදුලි බිල්පත් ගෙවීමේ සහනය හිමි වේ.
    කොවිඩ් 19 හේතුවෙන් වසා තිබුණු සිනමාශාලා 2021 ජනවාරි මස 01 වැනිදා සිට නැවත විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya