මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ගවල කාපට් අතුරයි

    නොවැම්බර් 30, 2020

    හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග කාපට් කිරීම ඇරඹෙයි.

    සහසම්බන්ධිත නවීන මාර්ග පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම නව රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රධානතම අරමුණ වී ඇත.

    මෙම අරමුණ පෙරදැරි කරගෙන අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන සහ ප්‍රාදේශීය මාර්ග පද්ධතිය පුළුල් කිරීම සහ නවීකරණය කිරීම පළමු අදියරේ වැඩ කටයුතු නොවැම්බර් මාසයේ දී ආරම්භ විය.

    හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 142 දුටුවැව වසමේ අඹගස්වැව, දුටුවැව, වාගොල්ලාකඩ, මරදන්මඩුව හංදිය දක්වා කි.මි 2.4 ක් රුපියල් මිලියන 80 ක වියදමින් කාපට් කිරීම ආරම්භ විය. මෙම මාර්ගය කි.මි 6 ක් දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති අතර මෙමගින් ගොවි පවුල් 1500 ට පමණ මාර්ග පහසුකම් සැපයෙනු ඇත.

    මෙම අවස්ථාව සංකේතවත් කරමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩ ආරම්භ කළේය.

    මෙම අවස්ථාවට උතුරු මධ්‍යම දෙදිසාවේ උප අධිකරණ සංඝනායක අඹගස්වැව ඉන්ද්‍රජෝති නායක ස්වාමීන්වහන්සේ ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් විශාල පිරිසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya