මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යක්‍රම සඳහා සුවිශේෂී සමූපකාර ආයුර්වේද රෝහල් පද්ධතියක් පිහිටුවීමට සැලසුම්

    නොවැම්බර් 30, 2020

    පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යක්‍රම සඳහා සුවිශේෂී සමූපකාර ආයුර්වේද රෝහල් පද්ධතියක් පිහිටුවීමට සැලසුම් කෙරේ.

    පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යක්‍රම සඳහා සුවිශේෂී සමූපකාර ආයුර්වේද රෝහල් පද්ධතියක් පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් දේශිය වෙදකම් ප්‍රවර්ධන , ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි සහ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දේශිය වෙදකම් ප්‍රවර්ධන ,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය  අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණ.


    සමූපකාර රෝහල් පද්ධතියට සමගාමීව ආයුර්වේද රෝහල් පද්ධතියක් ඇති කිරීම තුළින් ජනතාව වෙත පාරම්පරික මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වඩා සමීප කරලීමේ අරමුණින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.

    මෙම මූලික සාකච්ඡාව සඳහා දේශිය වෙදකම් ප්‍රවර්ධන , ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය, සමූපකාර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සමූපකාර රෝහල් සභාපතිවරුන්ද සහභාවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya