අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල පර්යේෂණ හා තාක්‍ෂණය සවිබල ගන්වමින් චීන-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමක්

    ඔක්තෝබර් 31, 2020

    ජල පර්යේෂණ හා තාක්‍ෂණය සවිබල ගන්වමින් චීන-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ.


    “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් 2025 වන විට රට පුරා 100% ක ආරක්ෂිත පානීය ජල සැපයුමක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරයි.
    ජල සුරක්‍ෂිත රටක් සඳහා බලමුළු ගැන්වීමේදී, ඒ සඳහා අවශ්‍ය නවීන විශ්ලේෂණාත්මක හා පර්යේෂණ විද්‍යාගාර පහසුකම් ඇති කිරීම, මානව සම්පත් හා කුසලතා වර්ධනයට අවශ්‍ය පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම, තාක්‍ෂණික සංවර්ධනය වැනි රටෙහි පර්යේෂණ හා තාක්‍ෂණ අංශ දියුණු කිරීම ඉතා වැදගත් වේ.


    ඒ අනුව, චීන විද්‍යා ඇකඩමිය (CAS) සහ ශ්‍රී ලංකාවේ ජල සම්පාදන අමාත්‍යාංශය අතර ජල පර්යේෂණ හා තාක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අනුබද්ධිත ගිවිසුමක් අත්සන් කරන ලදී.
    ශ්‍රී ලංකාවේ ජල සම්පාදන අමාත්‍යාංශය නියෝජනය කරමින් ජල සම්පාදන අමාත්‍ය  වාසුදේව නානායක්කාර මහතා සහ චීන විද්‍යා ඇකඩමිය නියෝජනය කරමින් වැඩ බලන අතිගරු තානාපතිතුමන් වන හු වෙයි මහතා විසින් ශ්‍රී ලංකාවේදී මෙම ගිවිසුම අත්සන් කරන ලදී. යැං ජිචි මහතා සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී පැවති ඉහළ පෙළේ
    සංචාරයකදී දෙරට අතර ජල සම්පාදන හා තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳව පැවති වැදගත් සම්මුතියේ පසු විපරමක් ලෙස මෙය අත්සන් තැබුණි.

    ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින නිදන්ගත වකුගඩු රෝගයට (CKDu) පිළියම් සෙවීම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ සඳහා පිරිසිදු පානිය ජලය සැපයීම ඉලක්ක කරගනිමින් 2014 වර්ෂයේදී එවකට පැවති රජය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ මුලිකත්වයෙන් මෙම ව්‍යපෘතිය ආරම්භ කරන ලද අතර මේ සම්බන්ධ මුල් අවබෝධතා ගිවිසුම 2015 මාර්තු මාසයේදී අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමේ සඳහන් ප්‍රධාන අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගය ඇතිවීමට හා ව්‍යාප්ත වීමට හේතු විය හැකි සාධක හඳුනා ගැනීමයි.

    ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය බලපෑමට ලක් වූ ප්‍රදේශවල භූගත ජලය පිරිපහදු කිරීමේ ක්‍රම සහ තාක්ෂණයන් සංවර්ධනය කිරීම, වියළි ප්‍රදේශවල වැසි ජලය එක්රැස් කිරීම සහ ක්‍රමතාක්‍ෂණයන් යොදා භාවිතා කිරීම, ඒකාබද්ධ ජල සම්පාදන හා සනීපාරක්ෂක යටිතල පහසුකම් සංවර්ධන සැලැස්ම, ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණ සැලැස්ම සහ ඉඩම් පරිහරණ සැලැස්ම සකස් කිරීම මඟින් ශ්‍රී ලංකා රජයට උපකාර කිරීමයි. මෙම අරමුණු 2016 දී ආරම්භ කරන ලද ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන චීන ශ්‍රී ලංකා පර්යේෂණ අරමුදල් ව්‍යාපෘතිය (CSLRGP) හරහා ක්‍රියාත්මක වේ.

    මෙම ගිවිසුමෙහි ප්‍රතිඵලයක් ලෙස ජල තාක්‍ෂණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය (JRDC) මෑතකදී මහනුවර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිශ්‍රයේ දී විශිෂ්ඨ ලෙස ස්ථාපිත කරන ලදී. මෙම මධ්‍යස්ථානය චීන යුආන් මිලියන 124 කට අධික (රු. බිලියන 3.4) චීන අරමුදල් ප්‍රදානයක් යටතේ වර්ග මීටර 5000 ක මුළු ඉදිකිරීම් ප්‍රදේශයක ඉදිකොට ඇත. ඉදිරි වසර 5 තුළ චීන විද්‍යා ඇකඩමිය විසින් වසරකට චීන යුආන් 6-8 ක අරමුදල් (රු. මිලියන 165-220) ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය සමඟ ඇති සහයෝගිතාවය වෙනුවෙන් සපයනු ඇත.

    මෙම ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයෙහි මෙහෙවර වන්නේ ජලය හා සෞඛ්‍ය පර්යේෂකයන්ට සහ වෘත්තිකයින්ට ජලය සම්බන්ධ සෞඛ්‍ය ගැටලු විසඳීම පිළිබඳ උසස් පර්යේෂණ සඳහා එක්ව කටයුතු කිරීමට සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නව දැනුම බෙදා හැරීම සඳහා පහසුකම් සැලසීමයි.

    මෙම පරීක්ෂණ මධ්‍යස්ථානයෙහි රුපියල් මිලියන 600 කට වඩා වැඩි වටිනාකමකින් යුතු අති නවීන පර්යේෂණ හා විශ්ලේෂණ උපකරණ 70 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කරමින් පවතී. මීට අමතරව පිරිසිදු පානීය ජලය සැපයීමට අදාල පර්යේෂණ පැවැත්වීමට, පර්යේෂණ පුහුණුවට සහ තාක්‍ෂණ සංවර්ධනයට, නියමු ආකෘති ක්‍රියාත්මක කිරීමට, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට පහසුකම් සැපයීම මේ මඟින් සිදුවේ.

    ජල විද්‍යාව හා සම්බන්ධ මුලික දියුණුව ළඟා කර ගැනීම, නව සොයා ගැනීම් සැලසුම් කොට නිපදවා වාණිජකරණය කිරීමට දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවට පහසුකම් සැලසීම, ජල පර්යේෂණ හා තාක්‍ෂණය සඳහා වූ මෙම මධ්‍යස්ථානයෙන් අපේක්ෂා කෙරේ. මෙම ක්‍රියාකාරකම් තුළින්, කර්මාන්ත ක්‍ෂේත්‍රයේ, රාජ්‍ය හා ප්‍රජා හවුල්කරුවන් සම්බන්ධ කර ගනිමින් ඉහළම මට්ටමේ ඉංජිනේරු විද්‍යාව යොදා ගනිමින් කලාපීය ජල ගැටලු සඳහා ගෝලීයව පරිවර්තනය කළ හැකි විසඳුම් සංවර්ධනය කිරීම මෙම මධ්‍යස්ථානය මඟින් සිඳුකෙරෙනු ඇත.

    ශ්‍රී ලංකාවේ ජල අංශයට, පර්යේෂකයන්ට සහ සිසුන්ට ජල පර්යේෂණ අවස්ථාවන් වැඩි කිරීම, ශ්‍රී ලංකාව පුරා ජල පර්යේෂණ උත්ප්‍රේරණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම, වර්තමානයේ හා නැගී එන අභියෝග විසඳමින් රටවල් වල ජල පර්යේෂණ දෘශ්‍යතා ඇති දරු දැරියන් බිහි කිරීමට ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය උත්සාහ කරනු ඇත. ශ්‍රී ලංකාවේ මෙන්ම ව්දේශ රටවල ජල පද්ධතිවල තිරසාරභාවය, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වි ඇති සහ මතු වන්නා වූ ගැටලු නිරාකරණය කිරීමට මෙම මධ්‍යස්ථානය මගින් සිදුවේ.

    ශ්‍රී ලංකා රජය විසින් රටේ වියළි කලාපයේ භූගත ජල පිරිපහදු කිරීම සඳහා වඩා හොඳ දිගු කාලීන විකල්පයන් සෙවීමේදී, පටල තාක්ෂණයන් භාවිතා කරමින් නියමු පරිමාණ ජල පවිත්‍රාගාර චීන ශ්‍රී ලංකා පර්යේෂණ අරමුදල් ව්‍යාපෘතිය හරහා ස්ථාපිත කර ඇත. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පවතින අනුරාධපුර දිස්ත්‍රික්කයේ ElectroDialysis Reversal(EDR) තාක්‍ෂණය
    භාවිතා කරමින් (දෛනික ධාරිතාවය ඝන මීටර 300) සහ නැනෝ පෙරහන් පටල වලින් සමන්විත ජළ පිරිපහදු පදධති දෙකක් (දෛනික ධාරිතාව ඝන මීටර 20) ස්ථාපනය කොට සාර්ථකව ආරම්භ කර ඇත. ප්‍රතිකාර පහසුකම් සැලසුම් කර ඇත්තේ උසස් තාක්‍ෂණය උපයෝගී කරගනිමින්,පද්ධති ක්‍රියාකාරිත්වයේ සුරක්‍ෂිත හා විශ්වාසදායක, ජලයේ ගුණාත්මකභාවය සහ ශ්‍රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මකභාවය (SLS 614- 2013) වෙත ළඟා වීම සඳහා ය.

    තවද, ගම්වාසීන් 4,000 කට වැඩි පිරිසකට සහ ප්‍රාථමික පාසල් සිසුන් 1,300 කට උසස් තත්ත්වයේ පානීය ජලය සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල වැසි ජලය රැස් කිරීමේ පද්ධති 20 කට අධික ප්‍රමාණයක් ඉදිකර තිබේ. මීට අමතරව, “ස්පොන්ජ් නගර සංකල්පය” භාවිතා කරමින් වැසි ජලය ගබඩා කිරීමේ භූගත පහසුකමක් ද ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත.

    මෙම අවබෝධතා ගිවිසුම හරහා පවත්වන ලද අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් යටතේ පසුගිය වසර පහ තුළ ජල සම්පාදන හා වෛද්‍ය වෘත්තිකයින් 66 දෙනෙකු චීන විද්‍යා ඇකඩමිය මඟින් පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වූ අතර, දැනට ශ්‍රී ලාංකික උපාධිධාරී සිසුන් 53 දෙනෙකු (ආචාර්ය උපාධිධාරීන් 19 දෙනෙකු ද ඇතුළුව) චීන විද්‍යා
    ඇකඩමියෙහි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබති (UCAS). වැඩිවන ජනගහනය, දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය හේතුවෙන් ලොව පුරා ජල සම්පත නිරන්තරයෙන් තර්ජනයට ලක්ව ඇති යුගයක, ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීම මඟින් වත්මන් හා අනාගත ජල අභියෝගයන්, ඵලදායි ලෙස ජය ගැනීම සඳහා පර්යේෂණ ප්‍රජාව එකතු කරමින් තිරසාර විසඳුම් ලබාදීමට අපේක්ෂා කරයි.

    සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම සුරක්ෂිත පානීය ජලය සැපයීම, සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම යන දැක්ම පෙරදැරි කරගනිමින් සහ ‘තිරසාර සංවර්ධන ඉලක්ක අංක 6’ වැනි ජාත්‍යන්තර ඉලක්ක අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ජල අංශය මෙම සහයෝගීතාවය මඟින් ජලය හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවෙහි ඉහල සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට අපේක්ෂා කරයි.

    මෙම මූලාරම්භය සාක්ෂාත් කර ගැනීමේදී ජල සම්පාදන අමාත්‍යාංශය, චීන විද්‍යා ඇකඩමිය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජාතික විද්‍යා පදනම විසින් සපයන ලද දායකත්වය එහි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් විය. එබැවින් මෙම ප්‍රධාන පාර්ශවකරුවන්ගෙන් ලද නොමද සහයෝගය බෙහෙවින් අගය කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya