මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර සමාජ මාධ්‍යයේ පළ කළ 18 වියැති තරුණයා මීටියාගොඩ දී සි.අයි. ඩී. අත්අඩංගුවට

    ඔක්තෝබර් 08, 2020

    ඇදිරි නීතිය පැනවූ බවට ජනපති මාධ්‍ය ඒකකයේ ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර සමාජ මාධ්‍යයේ පළ කළ 18 වියැති තරුණයා මීටියාගොඩ දී සි අයි ඩී අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා,මේ බව කීය.

    අත්අඩංගුවට ගත් අය හෙට (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත යොමු කිරීම කිරීමට කටයුතු කරන බවද කීය. වැරදි පුවත්වලට නොරැවටෙන ලෙසත් එවැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ශෙයර් කිරීම ෆෝවඩ් කිරීම නොකරන ලෙසත් ජනතවගෙන් ඉල්ලා සිටි අජිත් රෝහණ මහතා,අසත්‍ය පුවත් නිර්මාණය කර වාර්තා නොකරන ලෙස ද ඉල්ලීමක් කළේ ය. එවැනි සිදුවීම් විමර්ශනය කර එවැනි අය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya