මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු හා පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සම්බන්ධයෙන් යෝජනා සාකච්ඡා කෙරේ

    ඔක්තෝබර් 08, 2020

    පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳ හා පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සම්බන්ධයෙන් යෝජනා සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ප්‍රධානත්වයෙන් පසුගියදා දහම් පාසල්,පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූණි.

    පිරිවෙන් අධ්‍යක්ෂ අතිපූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ, කොරතොට වෙස්සභූ ස්වාමීන් වහන්සේ,කුණ්ඩසාලේ අරණ්‍යගවේෂි ස්වාමීන් වහන්සේ, උඩුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේ, මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ, මානාපිටියේ වජිර බුද්ධි ස්වාමීන් වහන්සේ, මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ, හතරභාගේ සමිත ස්වාමීන් වහන්සේ හා වෛද්‍ය රංජනී ගමගේ මෙම සාකච්ඡාවට එක් වූහ.

     

    උන්වහන්සේලා විසින් පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදි.

     · පිරිවෙනට ඇතුළත් වීමට පෙර සාමණේර හිමිවරුන්ට වසරක පුහුණු කාලයක් ලබා දීම.

    · වත් පිළිවෙත් ,ධර්ම දේශනා පුහුණු අනිවාර්ය විය යුතුය.

    · පැරණි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයම භාවිතයට ගන්නේ නම් ඉතා සුදුසු බ(උගතෙකු නැණවතෙකු ගුණවතෙකු ඒ තුළ නිර්මාණය වන හෙයිනි.

    · ඉතිහාසය අනිවාර්ය විය යුතු අතර ත්‍රිපිටක ධර්ම විෂය සූත්‍ර ,විනය,අභිධර්ම වශයෙන් විෂයන් තුනක් යටතේ ඉගැන්වීම සුදුසු බව.

    · පිරිවෙන් අධ්‍යාපනයට දැනට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වන අතර දෙමළ භාෂාවද අනිවාර්ය කළ යුතු බව

     එම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කිරීමට මෙහිදි තීරණය කරන ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya