මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක හදවත් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්

    ඔක්තෝබර් 01, 2020

    හදවතින්ම හදවත රකිමු “Use heart to beat Cardiovascular diseases” යන්න තේමා කරගත් ලෝක හදවත් දිනය පසුගිය 29 දිනට යෙදී තිබුණි.ලෝක හදවත් දින අරමුණ වන්නේ හදවත් රෝග වැළැක්වීම හා පාලනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකවාසී ජනතාවට දැනුම ලබා දීමයි.

     බෝනොවන රෝග අංශය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවකයින් සදහා බෝනොවන රෝග පරීක්ෂණ ඒකකයක් (NCD Corner) ස්ථාපිත කිරිමට පියවර ගත් අතර, හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීමට නව මෘදුකාංගයක් (APP) (launching of the e-learning platform for NCDs) හදුන්වා දීමට ද කටයුතු යෙදිනි. එම මෘදුකාංගය මගින් රෝගී පරීක්ෂාවෙන් පසු පෞද්ගලික ජංගම දුරකථනය වෙත රෝග විනිශ්ච්‍ය පිළිබද තොරතුරු සහ සුව පණිවුඩ ලබා දෙනු ලබයි. එමෙන්ම ජනතාවට හෘද රෝග වැලදීමට ඇති අවධානම මැඩලීම හා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වල නියැලෙන සෞඛ්‍ය කර්ය මණ්ඩල සදහා අන්තර්ජාල පුහුණු පාඨමාලා ක්‍රමවේදය හදුන්වාදීමට ද කටයුතු යොදා තිබූ අතර, ඉදිරියේ දී සාර්ථකව එම පුහුණුව අවසන් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල හට සහතිකපත් ලබාදීමට ද නියමිතය.

     

    ලෝක හදවත් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “මේ වන විට අපේ රටේ සිදුවන මරණ වලින් සියයට 70 ක් ම සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. බෝ නොවන රෝග වලිනුත් ප්‍රධානම වශයෙන් මෙම මරණ වලට හේතු වන්නේ හෘද රෝග සහ ආඝාතය වැනි රෝගයි. අද වන විට මෙම රෝග වැලඳී ඇති අයට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඖෂධ ප්‍රතිකාර වලට අමතරව ස්ටෙන්ටි දැමීම, බයිපාස් සැත්කම් කිරීම ඇතුළු අතිනවීන පහසුකම් තිබෙනවා. නමුත් අපට සිටින රෝගීන් ප්‍රමාණයේ අධික බව නිසා මේ විශේෂ ප්‍රතිකාර ක්‍රම ලබාගැනීමට වසරකට අධික කාලයක් පොරොත්තු ලේඛණයක සිටිය යුතු වනවා. මේ නිසා අපගේ අවධානය යොමුවිය යුත්තේ මෙම රෝග ඇතිවීමට බලපාන හේතු සොයා බලා ඒවා වැලැක්වීමයි. මෙම රෝග ඇති වීමට බලපාන ප්‍රධානම හේතුව තමයි අධි රුධිර පීඩනය. මෙම රෝග වලින් වැලැකීමට යහපත් ජීවන රටාවක් ගත කිරීම මහෝපකාරී වෙනවා.”

     

    ‌”මෙම හෘද රෝග වැලැක්වීම සඳහා ඔබට ඇති අවධානම සොයා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෑම ප්‍රාථමික සත්කාර ඒකකයකම, ප්‍රාදේශීය රෝහලකම සහ මුලික රෝහලකම මේ වන විට සුව දිවි මධ්‍යස්ථාන ඇති කර තිබෙනවා. මේ වන විට මෙවැනි සුව දිවි මධ්‍යස්ථාන 1000 කට වැඩි ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් සේවය සපයනවා. එම මධ්‍යස්ථාන මගින් වයස අවුරුදු 35 වැඩි පුද්ගලයින්ගේ රුධිර ගත සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය මෙන්ම වකුගඩු රෝගී පරීක්ෂාවන් ඇතුලු සියළු රෝග පරීක්ෂාවන් දෛනිකව සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සෑම කිලෝමීටර් 4 ක් තුල ම මෙවැනි මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. එම මධ්‍යස්ථාන වලට ගොස් ඔබගේ රෝගී පරීක්ෂාවන් සිදු කර ගැනීමෙන් සහ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමෙන් මෙම රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා විය හැකියි.”

     

    හදවත් දිනය වෙනුවෙන් වෙන්කොට ඇති 2020.09.29 සිට 2020.10.02 දින දක්වා සතියක කාල සීමාව තුල සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල රුධිර පීඩනය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇත. මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු ස්ථාන වල රෝගී පරීක්ෂාවන් සිදු කිරිමට ද කටයුතු යොදා ඇත. ඒ අනුව 28,29,30 යන තෙදින කොටුව දුම්රිය ස්ථානයේ දී රෝග පරීක්ෂාවන් සිදු ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් අධිරුධිර පීඩන පරික්ෂා කිරීමේ වැඩසටහන් සහ හදවත් රෝග පිළිබද වන වීඩියෝ පට හා පොස්ටර් ප්‍රදර්ශණය කරමින් දැනුම ලබාදීමට ද කටයුතු යොදා ඇත.

     

    මෙම අවස්ථාවට, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය, බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya