මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය අද සිට සක්‍රීය වෙයි

    සැප්තැම්බර් 24, 2020

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය ( Official SMS News Alerts ) ජනතාවට වඩාත් සමීප කරමින් විශ්වසනිය හා වේගවත් පුවත් සේවයක් බවට පත් කිරීමේ අරමුණින් කෙටි පුවත් සේවයේ දෙවැනි සමාරම්භය සිදු කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ.

    වසර ගණනාවක පෙර ආරම්භ කර තිබෙන ජංගම දුරකතන කෙටි පුවත් සේවය මේ වනවිට යම් කිසි පසුබෑමක් තිබෙන බවට නිරීක්ෂණය වී තිබෙන අතර ග්‍රාහන පිරිස නැවත ආකර්ෂණය කරමින් විශ්වසනීය ම නිල පුවත් සන්නාමයක් වන ''රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක රජයේ නිලපුවත් වෙබ් අඩවිය ව්ව්ව්.නෙව්ස්.ල්ක් හා සමගාමීව ජංගම දුරකතන කෙටි පුවත් සේවය නැවත සක්‍රීයව ආරම්භ කෙරේ.

    මෙහී දෙවැනි සමාරම්භය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී සැප්තැම්බර් මස 24 අද දින පෙ.ව. 10.00ට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    දේශපාලන,ආර්ථික සමාජීය මෙන් ම රජයේ සංවර්ධන තොරතුරු එසැනින් මහජනතාව වෙත සන්නිවේද්නය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කටයුතු කරන අතර එම වැඩපිළිවෙල තවදුරටත් වේගවත් කරමින් රජයේ නිල පුවත් කෙටි පණිවුඩ සේවය මෙසේ වඩා පුළුල් සේවයක් සැපයීමට ජනගත කිරීමට කටයුතු කරයි.

    රජයේ නිල කෙටි පුවත් සේවය මොබිටෙල් සහ ඩයලොග් යන දුරකතන ජාල ඔස්සේ ඔබවෙතට ලබාගැනීමට පහසුකම් සළසා තිබේ. මොබිටෙල් ජාලයෙන් REG (space ) ලෙස ටයිප් කර 2299 ට සහ ඩයලොග් ජාලයෙන් info ලෙස ටයිප් කර 678ට එස් එම් එස් කිරීමෙන් නිල පුවත් සේවය ඔබගේ ජංගම දුරකතනයට සක්‍රීය කර ගත හැක.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya