මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණුව ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා ඉන්දීය රජයේ සහාය

    අගෝස්තු 26, 2020

    මෙරට තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයන්හි පුහුණුකරුවන් පුහුණුකිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා ඉන්දීය රජයේ සහාය ලබාදිය හැකි බව  ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කළේය.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිපුනතා සංවර්ධන , වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය, අධ්‍යාපන  ලේකම් කේ.කේ. සී.කේ පෙරේරා මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති විශේෂ හමුවක දී ඉන්දීය මහකොමසාරිස්වරයා මේ  අදහස් පළ කළේය.

    දැනටමත් ශ්‍රී ලංකාව වෙත මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් ඉන්දියාව සහාය ලබා දෙමින් සිටින බවත්, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ  සංවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතු ක්ෂේත්‍ර පෙන්වා දෙන්නේනම් ඉදිරියේ දී එම සංවර්ධන ක්‍රියාමාර්ග සදහා සහාය ලබාදිය හැකි බව ද ගෝපාල් බාග්ලේ මහතා වැඩිදුරටත් පැවසීය.


    මෙරට රැකියා වෙළඳපොළ සහ වෘත්තීය අධ්‍යාපනය අතර නොගැළපීම් පවතින බවත්, මේ තත්ත්වය වෙනස් කළ යුතුව පවතින බවත්, දැනට වෘත්තීය අධ්‍යාපනය ලබාදීම තුළ බොහෝ ආයතන තුළ පවත්නා සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවේද වෙනුවට සිසුන් අභිප්‍රේරණය කළ හැකි නව ඉගෙනුම් ක්‍රමවේද කරා යොමු වීමේ අවශ්‍යතාව පවතින බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී  එල් පීරිස් මහතා අවධාරණය කළේය.

    තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, විද්‍යාව ඇතුළු ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් බිහිකිරීම වෙනුවෙන් පුහුණුකරුවන් පුහුණු කිරීම (TOT) සඳහා මෙන් ම, දෙරට අතර සුහදතා හුවමාරු වැඩසටහන්  තවදුරටත් ශක්තිමත් කිරීමට හා වෘත්තීය අධ්‍යාපන හා තාක්ෂණික විෂය ක්ෂේත්‍රයන්ට අදාළව මාර්ගගත (Online) පාඨමාලා පුළුල් මට්ටමින් හඳුන්වාදීමට ඉන්දීය රජයේ සහාය අපේක්ෂා කරන  බව ද අමාත්‍යවරයා කියාසිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya