මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීර්ඝ කාලයක් කම්කරු ජනතාවට බලපෑ නීති රැසක් සංශෝධනය කෙරේ

    අගෝස්තු 26, 2020

    මෙරට වැඩකරන පන්තියේ කම්කරු ජනතාවට ලබා දියයුතු සහන ලබාදීමේදී හරස් වූ කම්කරු අණපනත් වල තිබූ දුර්වලතා ඉවත් කරමින් කම්කරු අණපනත් රැසකට සංශෝධන ගෙන ඒමට තීරණය කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    කම්කරු අමාත්‍යාංශයේ කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් හා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව, සේවක අර්ථ සාධක අරමුදල් පනතට අදාළ දායක මුදල් නොගෙවීමේ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට එම පනත සංශෝධනය කරන බවත්, කම්කරු විනිශ්චය සභා ලබා
    දෙන නියෝග එම කම්කරු විනිශ්චය සභා තුළින්ම බලාත්මක කිරීමේ නීති සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා පැවසීය.

    එසේම පාරිතෝෂිත දීමනා පනත ද සංශෝධනය කරමින් එම ගෙවීම් වලට අදාළ නඩු ද කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට යොමු කෙරේ. ඊට අමතරව පඩි පාලක සභා ආඥා පනත, සාප්පු
    හා කාර්යාල සේවක පනත සහ 2016 අයවැය දීමනා පනත යටතේ වන අයකර ගැනීමේ නඩු ද කම්කරු විනිශ්චය සභා වලට පැවරීමද අදාළ නීති සංශෝධන ඉතා ඉක්මණින් ගෙන එන බවත්
    ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම වෘත්තීය සමිති වල සහ කම්කරු ජනතාවගේ දිගු කාලීන ඉල්ලීමක් වූ සේවක වන්දි ආඥා පනත යටතේ දැනට ගෙවනු ලබන රුපියල් 550,000.00 ක
    වන්දිය, රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කිරීමටත් එම වන්දි නඩු ද විභාග කිරීමේ බලය කම්කරු විනිශ්චය සභා වෙත පැවරීමට අදාල සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා පැවසීය.

    මෙම අණපනත් සංශෝධනයට ප්‍රධාන හේතුව දැනට මෙම නඩු විභාග කෙරෙන මහේස්ත්‍රාත් අධිකරණයන්හි පැවති නඩු අධිකභාවය නිසා සාධාරණය හා අදාළ සහනයන් කඩිනමින් කම්කරු
    ජනතාවට ලබා දීම බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

    පැමිණ සිටි කම්කරු නිලධාරීන් හා කොමසාරිස්වරුන්ද මෙම සංශෝධන ගෙන ඒම ඉතා වැදගත් ක්‍රියාවලියක් බව පෙන්වා දුන්නේය. මෙම පනත් සංශෝධන කෙටුම්පත් සතියක් ඇතුළත
    අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබා දෙන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ද එක්වූහ. ඊට අමතරව, කම්කරු නිලධාරීන්, සහකාර කම්කරු කොමසාරිස්
    හා නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරුන් ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya