මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වැන්න වැඩිකරගැනීමට අවශ්‍ය තාක්ෂණය,ජලය,ගොවි උපකරණ ගොවීන්ට ලබාදෙනවා

    අගෝස්තු 25, 2020

    අස්වැන්න වැඩිකර ගැනීම සදහා ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය, වගාවට අවශ්‍ය ජලය, ගොවි උපකරණ ඉදිරියේ දී ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

    වැල්ලවාය, මහආරාව ප්‍රදේශයේ ගොවීන් වගා කර ඇති මුරුංගා වගාවෙහි පළමු අස්වැන්න නෙළීම පසුගිය 23 වනදා සිදු විය.

    එම අවස්ථාවට සහභාගී වූ වී හා ධාන්‍ය කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොවීන්ගේ වගා කටයුතු සංවර්ධනය කිරීමට ඉදිරියේ දී ගැනීමට නියමිත පියවර රැසක් පිළිබදව ද පැහැදිළි කළේය.


    දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ට අස්වැන්න වැඩිකර ගැනීමට අවශ්‍ය තාක්ෂණය හදුන්වාදීමටත්, වෙළඳපොල අවශ්‍යතාවයට අනුව තම නිෂ්පාදනයන් සිදුකර වැඩි ආදායමක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන අතර වගාවට අවශ්‍ය ජලය ලබාගැනීමට වතුර මෝටර ඇතුළු ගොවි උපකරණ ලබාදීම මගින් මෙම ගොවීන්ගේ උනන්දුව වැඩිකිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya