මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්බීම නිසා මානසික රෝග ඇතිවනවා - මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු

    අගෝස්තු 25, 2020

    දුම්බීම නිසා  මානසික රෝග ඇතිවන බව මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු මහතා පවසයි.

    එසේම පවතින සුළු මානසික රෝග ලක්ෂණ වැඩි කිරීමටද දුම්බීම හේතුවක් වේ. මත්ද්‍රව්‍ය ,දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් කරමින් වෛද්‍ය අමිල ඉසුරු මහතා මේ බව සදහන් කළේ ය.

    දිවයින පුරා විසිරී සිටින සෞඛය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී දැන් පැවැත්වෙන පුහුණු වැඩමුළුවේදී ඔහු අවධාරණය කළේ, දුම් බීම නිසා මානසික රෝග ඇතිවන බව වෛද්‍ය විද්‍යාව පිළිබද ජාතික හා ජාත්‍යන්තර පොත්පත් හා ඉගෙනුම් ආධාරක ප්‍රකාශන වලින්ද ඉවත් කර ඇති බවයි.එහෙත් දුම්බීම ප්‍රවර්ධනය කරන ප්‍රකාශන පිටු මිලියන 70ක් මේ වන විටත් සිගරට් සමාගම් විසින් සමාජ ගත කර තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඇමරිකා එක්සත් ජනපදයේ සම්පූර්ණ සිගරට් නිෂ්පාදනයෙන් 50% ක් ම පාවිච්චි කර ඇත්තේ මානසික රෝග සහිත පුද්ගලයන් විසින් බවද පර්‍යේෂණ වාර්තා පෙන්වා දෙයි. මේ ඇසුරින් පෙනී යන්නේ විවිධ සුළු මානසික ආබාධවල සිට දරුණු ගණයේ මානසික රෝග ඇතිවීම දක්වාම දුම්බීම හේතු වන බවද මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු මහතා පෙන්වාදෙයි. දුම්බීමට ඇබ්බැහි වූවන් එම පුරුද්ද නිසා දැඩි කායික හා මානසික අපහසුතා වලින් පෙලෙමින් සිටින බව සිය දරුවන්ට වටහාදීම දෙමාපියන්ගේ වගකීම බවද ඒ මහතා පෙන්වා දෙයි

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya