මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාස්තිය හා දූෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍යයි

    අගෝස්තු 24, 2020

    නාස්තිය හා දූෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බවත් ආයතනයක නායකත්වය වෙනස් වූවත් වැඩපිළිවෙල තිරසාරව ඉදිරියට පවත්වාගෙන යන ක්‍රමවේද වෙනසක් ගැන අවධානය යොමුකළ යුතු බවත් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය සහ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ අතර සාකච්ඡාවක් පසුගියදා (22) අරලියගහ මන්දිරයේදි පැවැත්වුණු අතර එම අවස්ථාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    රට ගොඩනගන වැඩපිළිවෙල හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙනයන වැඩපිළිවෙල සඳහා දායක වන ලෙස එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා ගණකාධිකාරි සේවා සංගමයේ නියෝජිතයින්ට ආරාධනා කළේය.

    එහිදී එම සංගමය විසින් ගණකාධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමයේ සභාපති එම් එස්. අනුරුද්ධ මහතා ඇතුළු නියෝජිතයින් කණ්ඩයමක් සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya