මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ වැඩ භාරගනියි

    අගෝස්තු 21, 2020

    මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නවවැනි පාර්ලිමේන්තුවෙි  ප්‍රථම සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරමිභ වීමට පෙර, (20) පෙ.ව. 9.00 ට පමණ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කළේය.

    මෙම අවස්ථාවට රජයේ මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරිහු, හා පාර්ලිමේන්‍තු විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, සිය කාර්යාලයීය ලිපිවලට අත්සන් තබමින් නිල කටයුතු ආරම්භ කළේය.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය වසරේ ජනවාරි මස 03 වැනි දින සිට මාර්තු 02 දක්වා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය. ප්‍රනාන්දු මහතා වසර 2000 දී පාර්ලිමේන්තුවට පිවිස, කැබිනට් අමාත්‍ය ධූර ඇතුළු රජයේ විවිධ වගකීම් රැසක් දැරූ පරිණත මන්ත්‍රීවරයෙක් වන හෙතෙම කුරුණෑගල, ශාන්ත ආනා විදුහලෙහි ආදි සිසුවෙකි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya