මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර ආණ්ඩුකාරවරිය ජනතාව වෙනුවෙන් මහජන දිනය අලුත් කරයි

    අගෝස්තු 19, 2020

    මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවත්වන පළමු මහජන දිනය අද(19) ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

     මෙහි විශේෂත්වය වන්නේ පළාත් සභාවේ සියලු ආයතන නියෝජනය කරමින් එක් නිලධාරියෙකු මෙම මහජන හමුව සඳහා ප්‍රථමවරට සහභාගි කරවා ගැනීමය.

    ජනතාවගේ ගැටලු සදහා ඒ මොහොතේම විසදුම් ලබාදීම සඳහා මෙම නිලධාරීන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මහජන දිනය සඳහා සහභාගි කරවා ගැනීමට ආණ්ඩුකාරවරිය තීරණය කිරීම ද විශේෂත්වයකි.

    ඒ අනුව මිට සමගාමිව පළාතේ සෑම දිස්ත්‍රික්කයකම මසකට එක් දිනයක් ආණ්ඩුකාර මහජන දිනය පැවැත්විමට නියමිතය. ඒ සදහාද පළාත් සභාවේ නිළධාරින්ගේ පැමිණිම අනිවාර්ය කර තිබේ.

    ආණ්ඩුකාර කාර්යාලය ත්‍රිකුණාමලයේ ස්ථානගත වීම හේතුවෙන් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වල ජනතාවට බොහෝ දුරබැහැර ගෙවා ත්‍රිකුණාමලයට පැමිණිම දුෂ්කර නිසා ආණ්ඩුකාරවරිය එම දිස්ත්‍රික්කවලද මහජන දින පැවැත්විම සිදු කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya