මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වෙනි පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමට සියලු කටයුතු සූදානම්- පෙරහුරුවක් අද- ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට පාර්ලිමේන්තුවට

    අගෝස්තු 19, 2020

    නවවන මංගල පාර්ලිමේන්තු සැසිවාරය හෙට (20) පෙ.ව. 09.30ට ආරම්භ වීමට නියමිත වන අතර ඒ සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්ව ඇතැයි පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා අද (19) දින රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පැවසුවේය.

    හෙට උදේ 09.30 ට ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නමවෙනි පාර්ලිමේන්තුව කැදවීම සිදුවන අතර කතානායක, නියෝජ්‍ය කතානායක, අන්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,සභානායක,කාරක සභා ආදී තනතුරු රැසක් එහිදී තෝරා පත්කර ගැනීමට නියමිතය.

    කතා නායක ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ නිල දිවුරුම සහ ප්‍රතිඥාව සිදුකර ඉන්පසු ඔවුන් විසින් පාර්ලිමේන්තු ලේඛණයේ අත්සන් තැබීමද සිදුවනු ඇත. ඉන්පසු පාර්ලිමේන්තුවේ කටයුතු මදකට අත්හිටුවා පස්වරු 03 ට යළි පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි.

    එහිදී පළමු මංගල රැස්වීම උත්සවාකාරයෙන් පැවැත්වීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවද නීල් ඉද්දවල මහතා පැවසුවේය. එමෙන්ම හෙට පැවැත්වීමට නියමිත පළමු මංගල රැස්වීමෙහි පෙරහුරුවක් අද දින පැවැත්වෙන බවත් නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේය.

    වෙනදා පැවැත්වෙන ආචාර වෙඩිමුර, හමුදා උත්තමාචාර ආදිය මෙවර නොපැවැත්වන නමුත් අභිමානය නොඅඩුව විදහා පාමින් මෙවර සංස්කෘතියට මුල්තැනක් දෙමින් නැටුම් කණ්ඩායම් සහ බෙරකරුවන්ගෙන් හැඩවන අතර පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසළ ජයමංගල ගාථා ගයමින් පිළිගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

    ජනාධිපතිතුමන් විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (20)දින කියවීම සිදුකරන අතර ඒ සම්බන්ධව හෙට දින විවාදයක්ද පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු සභාගර්භය තුළ උදය වරුවේ වම්පස විපක්ෂයද, දකුණු පස
    ආණ්ඩු පක්ෂයද වශයෙන් අසුන් ගැනීමට නියමිත වන අතර සවස් භාගයේ ජ්‍යෙෂ්ඨත්වය අනූව ආසන පිළිගැන්වෙනු ඇත. එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය වෙනුවෙන් හිස්ව ඇති
    ආසන දෙක තවදුරටත් හිස්ව පවතින බවත් මේ දක්වා එම ආසන වෙනුවෙන් කිසිම තීරණයක් ගෙන නැති බවත් ඉතිරි ආසන 223ම සූදානම් බවත් නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා කියා සිටියේය.

    රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත්වී දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ආසන පැනවීම පිළිපදව කළ විමසීමේදී නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියේ ඔහුගේ නම ගැසට් කර ඇති බවත්, අධිකරණ තීන්දුව මත ඒ මහතා හට ආසන පැනවීම සම්බන්ධව තීරණය කිරීමට නියමිත බවයි.

    කෝවිඩ් මාර්ගෝපදේශ අනූව සභාගර්භය තුළ සියලුදෙනා හැසිරීම අනිවාර්ය වන අතර, මුඛ ආවරණ පැළදීම, මීටරයේ දුර පවත්වා ගැනීම සිදුකළ යුතු අතර සියලුදෙනා සෞඛ්‍ය උපදේශ අනූව සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු අතර කණ්ඩායම් සාකච්ඡා කිසි ලෙසකින් හෝ නොපැවැත්විය යුතු බවද නීල් මහතා වැඩිදුරටත් අවදාරණය කළේය.

    මේ වන විට නව රජයේ 9 වෙනි මංගල පාර්ලිමේන්තුව සදහා  කටයුතු සූදානම්ව ඇති බවද ඒ මහතා පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya