මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නම යෝජනා වුවහොත් භාරගැනීමට සූදානම්- මහින්ද යාපා අබේවර්ධන

    අගෝස්තු 19, 2020

    හෙට(20) දින ආරම්භ වීමට නියමිත අභිනව පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට තමාගේ නම යෝජනා වුවහොත් එය තමන් විසින් භාරගැනීමට සූදානම් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

    හිටපු අමාත්‍යවරයාගේ නම අභිනව පාර්ලිමේන්තුවේ කතානායක ධුරය සම්බන්ධයෙන් යොජනා වීමට නියමිත බවට පළවන පුවත් සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය(news.lk) කළ විමසුමකදී රජයේ නිල පුවත් වෙබ් අඩවියට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ තමාට මෙම ධුරය ලැබුනහොත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාමට තමා අපේක්ෂා කරන බවත්, ඒ සඳහා තමාට කළහැකි සියල්ල සිදු කිරීමට අපේක්ෂා කරන බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya