මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1564 දක්වා ඉහළට

    අගෝස්තු 11, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1564 ඉක්මවා තිබේ.


    ධනසිරි විතානගේ මහතා රුපියල් 100,000ක්, ශ්‍රියානි විජේවර්ධන මහත්මිය රුපියල් 100,000ක්, ජේ.එච්. ආරියසිරි මහතා රුපියල් 100,000ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙර පාසල් ගුරු වෘත්තීය සමිතිය 6,500ක්, ටී.කේ. රණතුංග මහතා රුපියල් 3,000ක්, එම්.ගාමිණී ඩී. පීරිස් මහතා රුපියල් 10,000ක්, පී.ඒ. කාන්ති මහත්මිය රුපියල් 5,000ක්, සෙනිඳු වින්සර පුතු හා දසුනි විහන්සා දියණිය රුපියල් 970ක්, කජිනි වික්‍රමසිංහ දියණිය හා බවිඳු වික්‍රමසිංහ පුතු රුපියල් 1,374.25ක්, ආර්.එච්. විමලරත්න මහතා රුපියල් 362.75ක්, ඔමේනා සෙව්වන්දි දියණිය රුපියල් 521ක්, මනුජ මතිෂය ගමගේ පුතු රුපියල් 280ක්, පවන් චමිරු නෙතුසර පුතු රුපියල් 1,754.50ක්, යෙසඳු තුරුල් පුතු රුපියල් 2,022.50ක්, හසලි විදුමිණි විජේතුංග දියණිය රුපියල් 626ක්, ආර්.ඒ. දහම්දි රෙහන්සා දියණිය රුපියල් 1,384ක්, කහටපිටියගේ යසපාල මහතා රුපියල් 50,000ක්, පී.ආර්.ජේ. සෙනෙවිරත්න මහතා රුපියල් 7,500ක්, ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයම්පති බණ්ඩාර හීංකෙන්ද මහතා රුපියල් 100,000ක්, ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතා රුපියල් 500,000ක්, ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා රුපියල් 250,000ක්, අරමුදලට පරිත්‍යාග කර තිබේ

     අදාළ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී. තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් 1,604,260.61ක්, Egis International රුපියල් 373,600ක්, ඌව පළාතේ සේවයේ නියුතු පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සභිකයින් සහ රාජ්‍ය නිලධාරීන් රුපියල් 10,298,112.68ක්, තංගල්ල නගර සභාවේ සභික වයි. ඩග්ලස් මහතා රුපියල් 45,000ක්, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන රුපියල් 969,098.53 ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

    දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,564,200,821.95 කි. දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින්මෙ න්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 - 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya