මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ සිට පැමිණි 148ක් සහ ඉන්දියාවේ සිට පැමිණි සිවිල් නාවිකයින් පිරිසක් නිරෝධායනයට

    අගෝස්තු 10, 2020

     

     

    ජපානයේ නරිටා සිට පුද්ගලයින් එකසිය හතලිස් අට
    දෙනෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි සිවිල්
    නාවිකයින් පිරිසක් නිරෝධායනයට යොමු කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    අද (10) දින උදෑසන 6E 9102 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ
    චෙන්නායි සිට සිවිල් නාවිකයින් දොලොස් දෙනෙකු (12), QR 668 දරණ
    මගී ගුවන් යානය මගින් දෝහා සිට පුද්ගලයින් විසි අට දෙනෙකු (28),
    6E 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට සිවිල්
    නාවිකයින් විසි හතර දෙනෙකු (24) සහ UL 505 දරණ මගී ගුවන්
    යානය මගින් ජපානයේ නරිටා සිට පුද්ගලයින් එකසිය හතලිස් අට
    දෙනෙකු (148) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින්
    සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන
    මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු
    සූදානම් කර ඇති බවද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya