රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මැතිවරණය තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ රජයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර පරතරය අවම කිරීම සඳහා මෙවරත් නව මාධ්‍ය ජාලා ඔස්සේ විකාශයක් ගෙනයන බවත්, එම තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කිසිඳු විරෝධයක් නොමැති බවත්ය.
ඒ අනුව 2020 අගෝස්තු 06 වැනි දින උදේ 10.00 සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් යූ ටියුබ් , ෆේස් බුක් හරහා සජීව විකාශයක් ඉදිරිපත් කරන අතර එමෙන්ම රජයේ නිල පුවත් වෙබ් අඩවියට අයිති ෆේස් බුක් පිටුව මගින්ද එම සජීව විකාශය විකාශනය වීමට නියමිතය.