මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහමැතිවරණයේ දී සෞඛ්‍ය ආරාක්ෂිත රාජකාරි සඳහා සෞඛ්‍ය අංශයෙන් 8000ක්

    අගෝස්තු 03, 2020

    මෙවර මහමැතිවරණයේ දී සෞඛ්‍ය ආරාක්ෂිත රාජකාරි සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් නිලධාරින් 8000ක් ඡන්ද රාජකාරි සඳහා යොදවා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ  වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ,අද (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ඉතිහාසයේ පළමුවරට මැතිවරණයක් වෙනුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල යෙදවෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා,මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය සහාය ලබාදෙන බව  කීය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සෑහීමකට පත්ව තිබෙන බවද කී අනිල් ජාසිංහ මහතා,කොවිඩ් 19 ප්‍රධාන අභියෝගයක් බවත් මැතිවරණයේ දී අතිවිශාල
    ජනතාවක් එළියට පැමිණෙන බවත් මේ මැතිවරණයේ දී කොවිඩ් 19 පැතිරීම වැළක්වීම ප්‍රධාන අරමුණක් බව පැවසීය.

    මෙ වනවිට කොවිඩ් 19 සමාජ සම්ප්‍රේෂණයක් නොමැති බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහාවන සෞඛ්‍ය මාර්ගෝපදේශ, මැතිවරණයට අදාළ
    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව කීය.

    මේ අවස්ථවට එක් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා;

    පුද්ගලයින්ට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්ද මධ්‍යස්ථානයේ විශේෂ කුටියක් සකස් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරියෙකු එම අවස්ථාව සඳහා පමණක් සහකාර මැතිවරණ  නිලධාරියෙකු ලෙස එහි සේවයේ යෙදවීමට බලාපොරොත්තුවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.

    දිවයිනේ සියලුම ජන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරිමේ මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද මැතිවරණ කොමිසමේ  සභාපතිවරයා සඳහන් කළේය.

    යම් ජන්ද මධ්‍යස්ථානයක ප්‍රචන්ඩ ක්‍රියාවක් හෝ සාමය කඩ විමේ සිදුවීමක් සිදුවුවහොත් එහි ජන්දය අවලංගු කොට යළි ජන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුබට නොවන බවද  මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya