මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන්ද පෙට්ටි නිකුත් කිරීම හෙට - අගෝස්තු 05 වනදා පෙරවරු 7.00 සිට ඡන්දය ඇරඹෙයි

    අගෝස්තු 03, 2020

    එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුවක් මහ මැතිවරණයේ ජන්දය දැමීමට සුදුසුයි

     ජන්ද පොළවල් සඳහා ජන්ද පෙට්ටි නිකුත් කිරීමට හෙට (04) පෙරවරු 8.00 සිට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ අගෝස්තු 05 වනදා පැවැත්විමට නියමිත මහමැතිවරණය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද ( 03) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුවක් ජන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය සඳහා ජන්දය දැමීමට සුදුසුකම් ලබා ඇත. දිවයිනේ ජන්ද කොට්ඨාශ 12,774ක පිහිටි ජන්ද මධ්‍යස්ථාන 12,985ක හෙට විමසීම පැවැත්වීමට නියමිතව ඇත.මෙවර මහා මහමැතිවරණයේදී සීයයට 80 ක පමණ ජන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ මහින්ද දේශප්‍රිය මහතා,

    එළඹෙන අගෝස්තු 05 වනදා පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන අතර පස්වරු 4 සිට 5 දක්වා කොරෝනා වසංගතය නිසා නිවෙස් නිරෝධායනයට ලක් කොට සිටි පිරිස් සඳහා වෙන් කොට ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

     

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා දින 14ක නිවෙස් නිරෝධායනයට යොමු කොට සිටින පුද්ගලයින්ට තමන්ගේම වාහනයකින් සවස 4-5 අතර කාලයේදී ජන්ද පොළට පැමිණ ජන්දය ප්‍රකාශ කිරිමට හැකි බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya