මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අමතර වේලාවක්

    ජූලි 22, 2020

    රජයේ පාසල් නිවාඩු නිසා ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් පැවතීම සහ රජයේ බොහෝ කාර්යාල වල සම්පූර්ණ සේවක ප්‍රමාණයම සේවයට කැඳ වන්නේ නැති බැවින් මෙම තත්වය උද්ගත වී ඇති බවත් ඒ වෙනුවෙන් එළඹෙන 25 වන සිකුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අමතර වේලාවක් ලබා දෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    2020 මහමැතිවරණයේ තැපැල්ඡන්ද සළකුණු කිරීමේ අඩුවක් පැවති බව වාර්තාවීමත් සමග මැතිවරණකොමිෂන් සභාව ඒ පිළිබඳව සොයා බැලූ බවද සභාපතිවරයා පැවසීය


    ඒ මහතා මේ බව පැවසුවේ අද (22) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමිණි.

    26 වන සෙනසුරාදා පෙරවරු 9.00 සිට මධ්‍යාහන 12.00 දක්වාද ඒ ඒ දිස්ත්‍රික්ක වලදී තැපැල්ඡන්දය සළකුණු කළ හැකිය.කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රජයේ කාර්යාල බොහොමයක නිවාඩු ලබා දීම නිසා මෙලෙස දින දෙකක් ලබා දීමට තීරණ කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    තවදුරටත් තැපැල් ඡන්ද සළකුණු කිරීමේ අඩුවක් පැවතියහොත් 27 වනදායින් ඇරඹෙන සතිය තුළදීද තැපැල් ඡන්ද සළකුණු කිරීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද දේශප්‍රිය මහතා පැවසීය.

     

    මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට මෙම මස 31 වන දා ඡන්දය ලබාදීමට අවස්ථාව සළසා දෙන බව පැවසූ ඒ මහතා එම ඡන්දය සළකුණු කරන්නේ තැපැල් ඡන්දය සළකුණු කරන ආකාරයටම බව පෙන්වා දුන්නේය.ඒ අනුව එදිනට තමන්ට අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල සිටම ඡන්දය ලබාදීමට ඔවුන්ට සැළසේ.

    නිවාස වල නිරෝධායනය වන අයට බොහෝ විට අගෝස්තු 05වන දාම ඡන්දය සළකුණු කිරීමට අවස්ථාවක් දෙන බවත් ඒ පිළිබඳව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරන බව පෙන්වා දුන් දේශප්‍රිය මහතා එම පුද්ගලයන්ට සාමාන්‍ය ඡන්දදායකයන්ගෙන් වෙන් වූ විශේෂ ඡන්ද මධ්‍යස්ථානයක් ලබා දීමට කටයුතු කරන බවද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය. ඒ කෙසේවෙතත් ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂාකිරීමට සෑමවිටම කටයුතු කරන බව ඒ මහතා අවධාරණය කළේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya