මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුවනෙකභා රාජසභාව කඩා දැමීම පිළිබද සොයා බැලීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ලබාදෙනවා - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

    ජූලි 22, 2020

    බුවනෙකභා රාජසභා ගොඩනැගිල්ල කඩා දැමීම පිළිබද සොයා බැලීමට පත්කල විද්වත් කමිටුවෙහි අවසන් වාර්තාව ඉදිරි දින තුන හතර ඇතුළත ලබාදීමට හැකි බව එම කමිටුවේ සභාපති, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.


    සෙනරත් දිසානායක මහතා මේ බව පැවසුවේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    අග්‍රාමාතයවරයාද මේ සම්බන්ධයෙන් තමාගෙන් විමසමින් සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදිම තොරතුරු ලබාදෙන ලෙසට පැවසූ බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රථමයෙන්ම පැරණි බුවනෙක හෝටලයේ කානුවකට හානි සිදුකර තිබූ අතර පසුව ගොඩනැගිලි විනාශ කිරීමේ බරපතල සිද්ධිය වාර්තා වුණු බවයි. එම අවස්ථාවේම තමන් පොලිස්පත්තුමන්ව දැනුවත් කළ අතර, පොලීසියේ පැමිණිල්ලක්ද දැමීමට කටයුතු කළ සෙනරත් දිසානායක මහතා පවසයි. එමෙන්ම නැවතත් මෙම ස්ථානය සංරක්ෂණය කළ හැකිද යන්න පිළිබදව සිද්ධිය පිළිබදව සොයා බැලීමට පත්කළ කමිටුව විසින් දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදු කරන බවද කීය

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya