මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 894ක්

    ජූලි 10, 2020

     කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 08 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

    මෙම නාවික පුද්ගලයින් සියළු දෙදෙනාම (02) කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් එක් නාවික පුද්ගලයෙකු වැලිකන්ද රෝහලින්ද, අනෙක් නාවික පුද්ගලයා තෙල්දෙණිය රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි. ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 ජූලි මස 08 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

    මෙම නාවික හමුදා පුද්ගලයින් දෙදෙනාද (02) ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 894 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya