මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයින් 11,669 ක් නිරෝධායන කිරීමෙන් අනතුරුව, PCR පරීක්ෂණය සිදු කොට තම නිවෙස් වෙතට

    ජූනි 04, 2020

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් (03)දින වන විට පුද්ගලයින් 11,669 දෙනකු නිරෝධායන කිරීමෙන් අනතුරුව, PCR පරීක්ෂණය සිදු කොට තම නිවෙස් වෙත පිටත් කරන ලද බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා (03) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය.

    නිරෝධායන මධ්‍යස්ථාන තුළ වැඩි වශයෙන් රාජකාරි සිදු කරන යුධ හමුදා රණවිරුවන් බවත්, ඔවුන්ට COVID – 19 අසාදනය වීම වැලැක්වීම සදහා ගත යුතු සියලුම ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක ගෙන ඇති නමුත් යුධ හමුදා රණවිරුවන් හට ඕනෑම අවස්ථාවක COVID – 19 වෛරසය අසාදනය වුවහොත් ප්‍රතිකාර ගැනීම සදහා පනාගොඩ යුධ හමුදා මූලික රෝහල වෙන් කර ඇති බව ද වික්‍රමසිංහ මහතා මෙහි දී සදහන් කළේය.


    03 දිනය වන විට COVID – 19 වෛරසය අසාදනය වූ පුද්ගලයින් 40 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් 30 කු විදේශයන් හි සිට මෙරටට පැමිණි නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වන පුද්ගලයින් වන බවත් ඒ අනුව, කටාර් රාජ්‍යයෙන් පැමිණි 27 දෙනකු, කුවේට් හි සිට පැමිණි තිදෙනකු, ඩුබායි හි සිට පැමිණි එක් සහ රුසියාවෙන් පැමිණි එක් පුද්ගලයෙක් ද සිටින බවත් ඒ මහතා අනාවරණය කළේය.

    අවසන් දින 30 ඇතුලත COVID – 19 වෛරසය අසාදිත වූ කිසිඳු රෝගියෙකු බාහිර සමාජයෙන් හමු වී නොමැති බව මෙහි දී අනාවරණය කර සිටින ලදුව, සමස්ත රෝගීන් 1,688 අතරින් රෝගීන් 510 දෙනකු විදේශයන් හි සිට මෙරටට පැමිණි අයවළුන් වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.


    එමෙන්ම, (02) දිනයේ සන්ධ්‍යාවේ දී UL – 303 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය මඟින් සිගප්පුරුවේ සිට මඟීන් 291 දෙනකු මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.


    එමෙන්ම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 46 ක් තුළ පුද්ගලයින් 5,243 දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි. නාවික හමුදා රණවිරුවන් 07 දෙදෙනකු හට ද COVID – 19 වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වී ඇති අතර, සමස්ත වෛරසය අසාදිත නාවික හමුදා රණවිරුවන්ගේ සංඛ්‍යාව 763 ක් වන අතර ඉන් 424 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර තවදුරටත් 339 දෙනකු රෝගල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටී.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya