මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙතින් සේවා ලබාගැනීම ඔන්ලයින් ක්‍රමයට

    ජූනි 01, 2020

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගේ කොමිෂන් සභාව ඉල්ලා සිටී.

    විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයින්ට කොමිෂන් සභාවේ කාර්යාලයට පැමිණිමකින් තොරව සිය පැමිණිලි විසදාගැනීම සදහා ඔන්ලයින් පහසුකම් සපයා ඇත. විදුලි පාරිභෝගිකයින්ගේ නොවිසදුනු පැමිණිලි පහත සදහන් ක්‍රම ඔස්සේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කල හැකි වේ.

     පැමිණිලි සතියේ දිනවල පෙව 8.30 සිට සවස සවස 4.30 දක්වා 0112 392 607 හෝ 0112392608 යන දුරකතන අංකවලට අමතා ඉදිරිපත්කල හැකි වේ.

     0770126253 යන අංකයට වොට්ස්ඇප්, වයිබර් සහ ඉමෝ ඔස්සේ
     www.pucsl.gov.lk ඔස්සේ
    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
     www.facebook.com/pucsl ෆේස් බුක් ඔස්සේ

    විදුලිබල කර්මාන්තය හා ලිහිසි තෙල් වෙළදපොල නියාමනයට අදාල සේවා සදහා අදාල පාර්ශ්වකරුවන්ට දුරකතන අංක 0770126250 අමතා සේවා ඉල්ලීම ඉදිරිපත් කල හැකි වේ.
     සියළුම තොරතුරු ඉල්ලීම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට හෝ www.facebook.com/pucsl ෆේස් බුක් ඔස්සේ ඉදිරිපත් කලහැකි වේ. තොරතුරු ඉල්ලීම් හා අනෙකුත් සියළුම සේවා සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සදහා 0764271030 අමතන්න

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවාව ලබාගැනීම සදහා අදාල නිලධාරීන් හමුවීම අත්‍යවශ්‍ය අවස්ථාවලදී ඒ සදහා කලින් දිනය හා වේලාව වෙන්කරවා ගැනීමටද පහසුකම් සලසා ඇත. ඒ සඳහා දුරකතන අංක 0112392607 හෝ 0112392608 මගින් අප ඇමතීමෙන් වේලාවක් වෙන්කරගත හැකිය. නැතහොත් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හෝ www.facebook.com/pucsl ෆේස් බුක් ඔස්සේ නිලධාරීන් හමුවීම සදහා දින හා වේලාවන් වෙන් කර ගත හැකි වේ. ඔබගේ ඉල්ලීමට අදාලව කටයුතු කරණ අංශය කඩිනමින් නැවත ඔබ අමතා හමුවීමක් සඳහා වේලාවක් ලබා දෙනු ඇත. නැතහොත් ඔන්ලයින් මගින් විමසා ඔබේ ගැටළුව නිරාකරණය කිරීමට සහාය වනු ඇත. වැඩිදුර තොරතුරු සඳහා ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් 0772943193 මහතා අමතන්න.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya