මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ලවන බවට පලවන ප්‍රචාර සාවද්‍යයි - ආරක්‍ෂක ලේකම්

    මැයි 20, 2020

    අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    “සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන ප්‍රවෘත්තියෙහි සත්‍යතාවයක් නොමැත. බුද්ධි අංශවලට ශ්‍රී ලංකාව තුල අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැත.” ඔහු පැවසීය.

    කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා හමුදා සහ පොලිස් සහාය ලබාගැනීම තුලින් රටේ ජාතික ආරක්‍ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න නැවත අවධාරණය කළේය.

    ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ රජය විසින් මෙරට සියලුම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිබඳව බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බව ආරක්‍ෂක ලේකම් පැවසීය.

    ජාතික ආරක්‍ෂාවද පවත්වා ගනිමින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් යම් සංඛ්‍යාවක් යොදවා ඇති බවත් ඔහු පැවසීය.

    “ශ්‍රී ලංකා නාවික හමුදාව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සටන් වදිමින් සිටයදී නැවියන් සිය ගණනක් කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා පීඩාවට පත්ව සිටින අතරතුර දේශීය හා විදේශීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතුවලද නියැලී සිටී. සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පැතිරවීම හා ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම ආරක්‍ෂක හමුදාවන් සහ පොලිසිය විසින් සිදුකරයි.” ඔහු පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya