මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Covid – 19 පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට (KOICA) සහ (IOM) ජාත්‍යන්තර සංවිධානවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානයන්

    මැයි 11, 2020

    එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානය විසින් COVID - 19 වෛරසය පිළිබද සහ හදිසි ආපදාවන්ට අදාලව මහජනතාව දැනුවත් කිරිම සදහා යොදාගැනීමට රුපියල් මිලියන 06 ක වටිනාකමකින් යුත් නවීන ශබ්ද විකාශණ යන්ත්‍ර කට්ටල 100 ක් පරිත්‍යාග කිරිමසහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය  විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් ශල්‍යාගාර ඇදන් ඇතුලු උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීම අද දින (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

     

    කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් (Korea International Cooperation Agency (KOICA) ලබාදුන් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් උපකරණ අතර, ශල්‍යාගාරඇදන්, රෙදි සොයන යන්ත්‍ර, ශල්‍යාගාර සදහා භාවිතා කරන ඇදුම් කට්ටල ද වේ. මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යතුමියට  ලබාදීම සදහා කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකා නියෝජිත Ms. Kang Youn Hwa මහත්මිය සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකා විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සේනක කුමාරසිංහ මහතා ද එක්ව සිටියහ.

    ‍එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානය (International Organization for Migration) විසින් මෙම පරිත්‍යාගය සිදු කරන ලද අතර,  මෙම ශබ්ද විකාශණ යන්ත්‍ර දිවයිනේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආවරණය වන පරිදි ලබාදීමට නියමිතය. මෙම පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානයේ ලංකාවේ නිත්‍ය නියෝජිත සරත් ධාස් මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මගපෙන්වීම මත නිර්මාණය කරන ලද Covid- 19 ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ පට කිහිපයක් පිළිබදව අමාත්‍යතුමිය දැනුවත් කළ අතර, Covid- 19 සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා වෙළෙද සැල් වල ප්‍රදර්ශණය සදහා පොස්ටර් 75,000 ක් ද, නිරෝධායනය වූ පිරිස් දැනුවත් කිරීම සදහා ලබාදීමට පොස්ටර් 7500 ක් ද ප්‍රදානය කරන ලදි.  

    මෙම අවස්ථාවන් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya