මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි 11 සිට ජනජීවිතය යථාවත් කිරීම පිළිබද ගැසට් නිවේදනයක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මැයි 09, 2020

    ඒළඹෙන 11 වන සදුදා සිට රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය මැයි 09 සහ 10 යන දින දෙක තුළදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

     

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකට සහභාගී වෙමින් ඒ මහතා ඊයේ (8) මේ බව කීය.

     

    ඒහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ, අදාල ගැසට් නිවේදනයෙන් නිරෝධායන නීති රීති කඩ කරන පුද්ගලයන්ට ඒරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා අවශ්‍ය බලය හිමි වන බවයි. රට යථාවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ලබාදෙන තක්සේරුව පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තරදුරටත් අඳහස් දැක්වීය.

    මේ වන විට කෝවිඩ් 19 රෝගය සැළකිය යුතු ලෙස ශ්‍රී ලංකාවේ පාලනය කර තියෙනවා. මේ රෝගය මුළුමනින්ම නැවතී නැහැ. මේ රෝගයට ඒන්නතක් නැහැ. රට වහගෙන ඉන්න පුළුවන්කමක් නැහැ සමාජයකට. ඉන්පසු ජන පීවිතය, සෙ ආර්ථිකය අඩාල වීමෙන් වෙනත් සෞඛ්‍ය ගැටලු උත්සන්න වෙනවා. මේ ගැන සමතුලිතව සිතා බැලුවාම අපි යම්කිසි තීරණයක් ගැනීමට අවශ්‍ය අවස්ථාවකට ඇවිල්ලා තියෙන්නේ.

    හැබැයි මේ සියල්ල ක්‍රමිකව සිදුවිය යුතුයි. ඒහෙම නැත්ම් නැවත කෝවිඩ් යුගයකට යාමට අපිට සිදුවෙනවා. මෙම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකස් කළ මාර්ගෝපදේශය සකස් කරලා තියෙන්නේ පශ්චාත් කෝවිඩ් ඒක්ක අපි කොහොමද ජීවත් වෙන්නේ කියන ඒක පිළිබදව. මෙය සිංහල, ඉංග්‍රීසි සහ ද්‍රවිඩ යන භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විතයි. මෙය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ තියෙනවා. බාගත කිරීමේ හැකියාව පවතිනවා. සෑම කෙනෙකුම මෙය අනිවාර්යයෙන්ම පරිශීලනය කරන්න. මෙය අපගේ තාක්ෂණික කමිටුව සමග සාකච්ඡා කර නීතිමය කටයුතු සිදුකල වහාම සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මැයි 09 හෝ 10 දින වල මෙය ගැසට් කිරීමට නියමිත බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya