මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ ‍තොගයක් නාවික හමුදාවට

    මැයි 02, 2020

    නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර මහතා විසින් නිර්මාණය කරන ලද තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100ක් නාවික හමුදාව වෙත ලබා දීම ඊයේ ( මැයි 01) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සඳහා විවිධ ආයතනයන් වෙතින් ද්‍රව්‍යමය අනුග්‍රහයන් ලබාදීම සිදුකරනු ලබමින් සිටී.

    ඒ අනුව පසුගිය 2020 අප්‍රේල් 28 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කර දංකොටුව පෝසිලේන් කර්මාන්ත ශාලාවේ නිශ්පාදනය කරන ලද ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 50ක ප්‍රමාණයක් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලද අතර අද (2020 මැයි 01) දිනද එවැන්ම වූ ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100ක් නාවික හමුදාව වෙත පරිත්‍යාග කිරීම සිදු විය.

    මෙම අවස්ථාව සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථාකාචාර්ය, ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර මහතා සහ දන්කොටුව පෝසිලේන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු තවත් පිරිසක් සහභාගී වී සිටින ලදි.

    මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා විසින් එම උපකරණ නාවික හමුදාව වෙත භාර ගන්නා ලද අතර, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් පැමිණ සිටි පිරිස වෙත සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya