මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජනතාවට අඛණ්ඩ ජල වාහන පද්ධතියක් සහ අපජල කළමනාකරණ පද්ධතියක් - අඹතලේ නිෂ්පාදන පහසුකම් වැඩිදියුණු කෙරේ- අතිරේක පොම්පාගාරයක්

    අප්‍රේල් 30, 2020

    මහා කොළඹ ජලසම්පාදන ව්‍යාපෘතිය සහ අපජල ප්‍රවාහනය සඳහා වන නල පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් කොළඹ ජලවහන පද්ධතිය සංවර්ධන කිරීම සඳහාත්, අඹතලේ නිෂ්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන අතිරේක පොම්පාගාරයක් ඉදිකිරිමත් වෙනුවෙන් වූ අග්‍රාමාත්‍ය වරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇත.

    ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය  ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    ඒ යටතේ රුපියල් බිලියන 02 ක අරමුදලක් නාගරික සහ ජල සම්පාදන අමාත්‍යංශයට වෙන් වී ඇත. ඒ අනුව, මහා කොළඹ ජලසම්පාදන ව්‍යාපෘතිය අදාළ ජලය ලබා දීමේ පහසුකම් වැඩි දියුණු වන බවත්, එමඟින් ඉදිරි කාලයේ දී මහා කොළඹ වෙසෙන ජනතාවට වඩාත් හොද අඛණ්ඩ ජල වාහන පද්ධතියක් සහ අපජල කළමනාකරණ පද්ධතියක් ලබා දීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා අවධාරණය කර සිටියේය.

    එමෙන්ම, චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධ කරමින් මඟින් වඩාත් කාර්යයක්ෂම සේවාවක් ලබා දීම සඳහා ඉදිරියේ දී ශ්‍රී ලංකික ජනතාවට ඊ-පාස්පෝර්ට් ලබා දීම සඳහා වූ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීම සදහා අදාළ ප්‍රසම්පාදන කමිටු වෙත අනුමැතිය හිමි ව ඇති බවත් මෙහි දී කියා සිටියේය.

    තවද, 

    ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති දැක්මට අනුව, ක්‍රියාවට නැංවීමට යෝජිත ව තිබු මාර්ග කිලෝ මීටර් ලක්ෂයක වැඩසටහන ආරම්භ කොට ඉදිරියට පවත්වාගෙන යාම පිණිස අදාළ කොන්ත්‍රාත් සමාගම් සමඟ පැවති ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් අවශ්‍ය රුපියල් බිලියන 05 ක මුල්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් මහාමාර්ග හා වරාය සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

     

    ඒ අනුව, රට තුළ ඇති වී තිබෙන තත්ත්වය මධ්‍යයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගැනීම පිණිස රජයේ අවධානය යොමු වී ඇති බවත්, ඒ යටතේ මෙරට භෞතික යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය කිරීමේ කටයුතු කෙරහි ද රජයේ අවධානය යොමු වී ඇති බවත්, ඒ මහතා මෙහි දී කියා සිටියේය.

    ඉදිරි දින කිහිපය තුළ ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් අනතුරුව තෝරාගන්නා ලද සුදුසුකම් ලාභී කොන්ත්‍රාත් සමාගම් වෙත ලබා දී ලංකාවේ මාර්ග සංවර්ධන කිරීමේ වැඩසටහන් නැවත ඇරඹීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියා සිටියේය.

    එමෙන්ම, ශ්‍රී ලංකා පාලම් සඳහා ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල මඟින් ලබා දෙන රුපියල් බිලියන 2.5 ක ආධාර යටතේ පාලම් 08 ක් සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රතිපාදන වෙනුවෙන් ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    ඒ අනුව, කුරුණෑගල-කටුගස්තොට-පුත්තලම පාලම් 02ක්, මන්නාරම තුප්පුව-මාදම්පේ පාලමක්, නාවක්කුලි- කාර්තිව්-මන්නාරම පාලමක්, කොළඹ-මහනුවර මාර්ගයේ පාලමක්, පරන්තන්-මුලතිවු හි පාලමක්, වත්තිලුව-උඩප්පුව මාර්ගයේ පාලමක් යනාදී වශයෙන් එකී පාලම් 08 මෙම වසරේ දී සංවර්ධනය කිරීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya