මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුව රෝහලේ ස්ථාපිත පී.සී.ආර් පරීක්ෂණාගාරයේ කටයුතු අද සිට ආරම්භ වෙනවා- ඊයේ දිනයේ කොවිඩ් පී සී ආර් පරීක්ෂණ 1400ක්

    අප්‍රේල් 28, 2020

    මඩකළපුව රෝහලේ ස්ථාපිත PCR පරීක්ෂණාගාරයේ වැඩකටයුතු අද (28) දිනයේ දී ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී අද (27) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි.

    අද (27) දිනයේ දී COVID – 19 වෛරසය අසාදිත පුද්ගලයින් 44 දෙනකු වාර්තා වන අතර මෙම 44 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින නාවික භටයින් වන බවත් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම (26) දිනයේ දී පරීක්ෂණාගාර තුළ සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණ 1,075 ක් සිදු කරනු ලැබ ඇත.

    ඊයේ දිනයේ දී (26) කොළඹ ආශ්‍රිත ව නාරාහේන්පිට දාඹරේ මාවතෙන් වෛරසය අසාදිත රෝගියෙකු වාර්තා වීම නිසා එම ප්‍රදේශයේ 100 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂණ වලට භාජනය කර ඇති බවත්, ඒ සියල්ල වෛරසය අසාදිත නොවන බවට තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවධාරණය කර සිටියේය.

     

    සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ කොළඹ, කැළණිය, පේරාදෙණිය යන විශ්වවිද්‍යාලයන් හි පවතින PCR යන්ත්‍ර භාවිතා කොට විශ්ව විද්‍යාල මඟින් ද පරීක්ෂණාගාර පවත්වාගෙන යාම සඳහා (27) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති රැස්වීමක දී තීරණය වූ බවත්, එමඟින් දැනට පරීක්ෂණ 1,200 ක් පමණ  පවතින PCR පරීක්ෂණ ධාරිතාවය වැඩි කරගැනීමට හැකි වනු ඇති බව ද මෙහි දී අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඉදිකරගෙන යනු ලබන මුල්ලේරියාව පිහිටි නව පර්යේෂණාගාරය කෙටි කලක් තුළ අවසන් කිරීමෙන් අනතුරුව දිනකට පරීක්ෂණ 1,000 ක් පමණ එම පරීක්ෂණාගාරය මඟින් කිරීමට බලාපොරොත්තු වන බවත් අනිල් ජාසිංහ මහතා නිවේදනය කර සිටියේය.

     

    මේ අතර අද (28) දින මාධ්‍යවෙත අඳහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඊයේ දිනයේ කොවිඩ් පී සී ආර් පරීක්ෂණ 1400ක් පමණ සිදු කළ බවය. මේ අවස්ථාවේ දී ගැටළු පැවැතියත් එයට හොඳින් මුහුණ දී සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පරීක්ෂණ උපකරණ මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද පැවසීය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya