මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 වෛරසය අසාදිත රණවිරුවන් 180 ක්- රණවිරුවන්ට තම කඳවුරු වෙත වාර්තා කිරීමට දැනුම් දෙයි

    අප්‍රේල් 27, 2020

    COVID19 වෛරසය අසාදිත විරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 180 ක් අද වන විට වාර්තා වූ බව COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ප්‍රකාශයක් කරමින් අද (27) කියා සිටියේය.

    මෙහිදී අඳහස් දැක්වූ යුද හමුදාපතිවරයා

    එමෙන්ම, බංගලාදේශය ඩකා අගනුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ශ්‍රී ලාංකිකයින් 74 දෙනකු දිවයිනට රැගෙන ඒමට නියමිත අතර ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිත බවත් මෙහි දී නිවේදනය කර සිටියේය.

    මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 4,512 ක් නිරෝධායන කටයුතු අවසන්ව තම නිවෙස් බලා පිටත් කර ඇත.

    එසේම නාවික හමුදාවේ පවුල් වල සාමාජිකයින් 58 දෙනකු නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මිහින්තලේ සහ බූස්ස යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇත.

    එමෙන්ම, අද දිනයේ දී ත් (27) තවත් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට නියමිත ව ඇති බවත්, නිරෝධායන මධ්‍යස්ථාන 31 තුළ 3,181 දෙනකු නිරෝධායනය වෙමින් දැනට සිටින බවත් මෙහි දී ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී සිටියේය. අද වන විට වෛරසය අසාදිත විරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 180 ක් බවට පත් ව ඇත. වැලිසර නාවික හමුදා කඳවුර තුළින් 112 ක් සහ පිටත නිවාඩු සිටි රණවිරුවන් 68 දෙනෙක් ද වශයෙනී.

    දිවයින පුරා ඇඳිරිනීතිය පවතින   දිනයේ දී ත්‍රිවිධ හමුදාවේ විරෝදාර රණවිරුවන් හට තම කඳවුරු වෙත වාර්තා කරවීම සඳහා ඊයේ (26) උපදෙස් ලබා දුන් අතර මේ වන විටත් සමහර රණවිරුවන් කඳවුරු වෙත වාර්තා කර ඇති අතර ඇතැම් රණවිරුවන වාර්තා කිරීම සඳහා පැමිණෙමින් තිබෙන බවත් මෙහි දී යුද හමුදාපතිවරයා දැනුම් දී සිටියේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya