මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 පරීක්ෂණ උපරිම ධාරිතාවයෙන් සිදු කිරීමට කටයුතු කරනවා- සෞඛ්‍ය ඇමතිනි

    අප්‍රේල් 27, 2020

    COVID - 19 වෛරසය පැතිරීම මර්ධනය කිරීම සඳහා රජයක් වශයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර පරීක්ෂණ උපරිම ධාරිතාවයෙන් කිරීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී අද (27) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියාය.

    ඊයේ දිනය (26) තුළ දී පරීක්ෂණ 1,100 ක් සිදු කරනු ලැබූ බවත්,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, බන්දුල ගුණවර්ධන ඇමතිතුමන් ඇතුළු සියලු දෙනා සමඟ කරන ලද සාකච්ඡාවලින් අනතුරුව විශ්ව විද්‍යාල තුළ පවතින PCR යන්ත්‍ර භාවිතය වැඩි කිරීමට කටයුතු කිරීමත් සමඟ එක් දිනක දී තවත් පරීක්ෂණ 1,000 ක් සිදු කිරීමට හැකි වන බව අමාත්‍යවරිය සඳහන් කර සිටියාය.

    එමෙන්ම, අප්‍රේල් 30 වන දින මුල්ලේරියාව රෝහලට ලැබීමට නියමිත PCR යන්ත්‍රය නවීන පහසුකම් වලින් සමන්විත වන අතර වරකට 500 ක් පමණ පරීක්ෂණ සංඛ්‍යාවක්
    සිදු කළ හැකි බවත් ඇමතිවරිය කියා සිටියාය.

    ඒ අනුව මෙරට ඉදිරියේ දී වැඩි පරීක්ෂණ වාර සංඛ්‍යාවක් සිදු කිරීමට අවශ්‍ය ධාරිතාවය වැඩි කරගැනීමට කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කර සිටියාය.

    ඉතා ශීඝ්‍රයෙන් පැතිරීම මෙම වෛරසයේ මුලිකම කරුණ වන අතර මෙරට වැලිසර නාවික හමුදාව තුළ එලෙස ඉතා ශීඝ්‍රයෙන් පැතිරීම මිට පෙර වෛරස ව්‍යාප්තිය මර්ධනය කිරීමට හැකි වූ ආකාරයෙන්ම මර්දනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, සෞඛ්‍ය අමාත්‍යංශය, අනිකුත් සියලුම අංශ හා ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාගේ සහයෝගය ලබා ගනිමින් සිදු කරගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද අමාත්‍යවරිය සඳහන් කර සිටියේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya