මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ගමන් වල දී මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නැහැ - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

    මාර්තු 11, 2020

    මෙරට COVID – 19 වෛරසය වැළඳුනු ශ්‍රී ලංකික පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ මේ වන විට එම පුද්ගලයාගේ පවුලේ සියලු දෙනා පිළිබඳව අවශ්‍ය දත්ත මේ වන විට ලබා ගෙන ඇති බවත්, වෛරසය පැතිරීම වළක්වාලීම සඳහා ඔවුන් වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට අරඹා ඇති බවත් අද (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටී.

    අවශ්‍ය වන්නේ මෙම වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බවත් කියා සිටී අධ්‍යක්ෂවරයා මිනිසුන් අතර එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතුයි යන මතයේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් කියා සිටී අතර සෞඛ්‍ය සේවකයින්ට මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් සහ යම්කිසි ආකාරයක පැතිරීමට හැකි රෝග (උදා: වෛරස් උණ) තත්ත්වයක සිටින රෝගීන් අනිත් පුද්ගලයින්ට සම්ප්‍රේෂණය වීම වැළක්වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතු වන අතර සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ගමන් වලින් වල දී මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නොමැති බව මෙහි දී අවධාරණය කර සිටියේය.

    කෙසේ වුව ද මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් තවත් එවැනි නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීමට යුධ හමුදාවේ සහයෝගය ඇතිව කටයුතු කරන බව ද ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya