මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID – 19 වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ජනතාව තමන්ගේ පුද්ගලික ස්වාස්ථාතාවය ඉහළ මට්ටමක තබාගත යුතුයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

    මාර්තු 11, 2020

    රෝගී පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳීමේ අවදානම වැඩි අතර ජනතාව විසින් ගත යුතු වඩාත් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගය මෙම වෛරසය පැතිරීම වළක්වාගැනීම සඳහා කටයුතු කිරීම බවත්, තම පුද්ගලික ස්වස්ථතාවය තබා ගත යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (11) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කියා සිටියේය.

    ඒ අනුව, කැස්ස සහ කිවිසුම් මෙන්ම සිපගැනීම් වල දී ඉන් ඇතිවන බිඳීති මඟින් මෙම වෛරසය අනිත් පුද්ගලයින්ට වැළඳෙන අතර එකී බිඳිති යම් පෘෂ්ඨයක් මතට වැටුණු පසු එය ස්පර්ශ කිරීමෙන් පසු මුඛ්‍ය ඇස නාසය ස්පර්ශ කිරීමෙන් ද වෛරසය පැතිරේ. ඒ නිසා වැඩිපුර ජනයා ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වැළකීම වඩා ආරක්‍ෂිත වන බව ඒ මහතා කියා සිටී.

    විනෝද සාද, කණ්ඩායම් වශයෙන් ගමන් කිරීම් හැකි තරම් අවම කර ගන්නා ලෙස ද මෙහි දී කියා සිටී අතර අවදානම ඇති වීමට පෙර සූදානම් වීම අවශ්‍ය බව මෙහි දී පෙන්වා දුන් ඒ මහතා මේ මොහොතේ අවශ්‍ය වන්නේ රෝගය මෙරට ජනයාට පැතිරීම වළක්වාලීම බවත් අවධාරණය කර සිටියේය.


    ඒ සඳහා ආත්මාර්ථකාමී නොවී රටේ ජනතාව උදෙසා කරන කටයුතු සඳහා මෙරට පුරවැසියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව මෙහි දී සඳහන් කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya