මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    INNOTECH 2020 පළමු දින ප්‍රදර්ශනය නැරඹීමට විශාල සිසු පිරිසක්

    මාර්තු 11, 2020

     

    වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය INNOTECH 2020 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන හෝමාගම, පිටිපන අධි තාක්ෂණ හා
    නවෝත්පාදන නගර පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර ප්‍රදර්ශනයේ පළමු දිනය වන අද (11) දහවල් වන විට විශාල සිසු ගඟක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයුරු දක්නට ලැබුණි.

    අධ්‍යාපන අමාත්‍යංශය, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය සහ අනෙකුත් තාක්ෂණ ආයතන එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නව
    නිපැයුම් සහ ප්‍රදර්ශන කුටි අසළ විශාල සිසු පිරිසක් දක්නට ලැබුණි.

     

    ප්‍රදර්ශනය කලාප 05කින් සමන්විත අතර විශ්ව විද්‍යාල යටතේ සිදුකරනු ලැබූ පර්යේෂණ ප්‍රතිඵල නැනෝ තාක්ෂණය,ජෛව තාක්ෂණය, රොබෝ තාක්ෂණය ,ඩ්‍රෝන යන්ත්‍ර භාවිතය ඇතුළු රටේ
    විවිධ ප්‍රදේශ වල නවෝත්පාදන 1200ක් පමණ මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණි.

     

    හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ ජාතික පාසල, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨය , ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය , ජාතික ව්‍යාපාර කළමණාකරන පාසල හෙවත්
    NSBM හරිත විශ්ව විද්‍යාලය සහ මිනුම් ඒකක පුමිති සේවා දෙපාර්තමේන්තු භූමිය ඇතුළු අක්කර 300ක භූමි ප්‍රමාණය තුළ ප්‍රදර්ශනය පැවැත්වේ.

     

    නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකරන මෙම ප්‍රදර්ශනයෙන් අනතුරුව ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රදර්ශනය පැවැත්වීමට බලාපොරොත්තු වන අතර එමගින් ලැබෙන
    සම්පුර්ණ ආදායම මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට බැරකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රදර්ශනය සඳහා උතුරු නැගෙනහිර ඇතුළු පාසල් 400ක පමණ සිසුන් සහභාගී වීමට නියමිත
    අතර දුරබැහැර සිට පැමිණෙන සිසුන්ගේ නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සිදු කරයි.

     

    පුරා දින 04ක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ප්‍රදර්ශනය අවසානයේ හෝමාගම පිටිපන හරිත සරසවිය ඉදිරිපිට ඉදිකර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණය පීඨය ජනාධිපති ගෝඨාභය
    රාජපක්ෂ මහතා විසින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්ට පවරාදීමට නියමිතයි.

    ප්‍රදර්ශනය රාත්‍රී 10 දක්වා පැවැත්වෙන අතර විනෝදාස්වාදාත්මක ක්‍රියාකාරකම් සහ සංස්කෘතික අංග රැසකින්ද මෙම ප්‍රදර්ශනය සමන්විත අතර ඔබටත් ඉදිරි දින කිහිපයේ ප්‍රදර්ශනය නැරඹීමට
    එක් විය හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya