මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වෛරසය ජනතාවට පැතිරී යාම පාලනය කිරීම සඳහා කටයුතු කරන්නේ රටක් වශයෙන් අපෙගේ ජනතාව ආරක්ෂා කර ගැනීමටයි

    මාර්තු 11, 2020

    කොරෝනා වෛරසයට මුහුණ දී ඇති දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් දින 14ක් නිරෝධායනය කිරීමේ කටයුතු  ආරම්භ කළ අතර ඔවුන් එම මධ්‍යස්ථාන කරා ගෙනයාමේදී එම මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශවල ජනයා යම් යම් විරෝධතා දැක්වුවත් ජනතාවට පැහැදිළි කර දීමෙන් එම විරෝධතා නැති වූ බව මෙම නිරෝධායන මධ්‍යස්ථානයන් අධීක්‍ෂණය කරනු ලබන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් විසින් කොරෝනා වෛරසය ජනතාවට පැතිරී යාම පාලනය කිරීම සඳහා කටයුතු කරන්නේ රටක් වශයෙන් අපෙගේ ජනතාව ආරක්ෂා කර ගැනීමට බව සඳහන් කළ ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂයෙන්ම විදේශ රටවල සිට මෙරටට පැමිණෙන්නන්ද ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි සඳහන් කළේය.

    කොරෝනා වෛරසයට මුහුණ දී ඇති දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් දින 14ක් නිරෝධායනය කිරීමේ කටයුතු අද ආරම්භ කළ අතර ඒ අනුව දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි මගීන් පිරිස මඩකලපුව පූනානී සහ කන්දකාඩු තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකට ගෙනයන ලැබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගීන් 24 දෙනෙකු සහ අනෙකුත් මගීන් බස්රථ මගින් ගෙනයන ලදී

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුධහමුදාපතිවරයා පැවසුවේ දවස් දෙකක් වැනි ඉතා කෙටි කාළයකින් මේ නිරෝධාන මධ්‍යස්ථාන පිහිට වූ බවත් අඩුපාඩු කම් තිබුණ ද හැකි හැකි උපරිම පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ද යුද්ධ හමුදාපතිවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya