මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මූලස්ථානය විවෘත කෙරේ

    මාර්තු 11, 2020

    ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මූලස්ථානය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) විවෘත විය.

    ''විද්‍යා කුළුණ'' ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් මූලස්ථාන ගොඩනැගිල්ල කොළඹ විජේරාම මාවතේ ඉදිකර ඇත.

    වෛද්‍ය, ඉංජිනේරු, කෘෂි විද්‍යා, රසායන විද්‍යා, භෞතික විද්‍යා, තොරතුරු තාක්ෂණවේදය, තාක්ෂණ විද්‍යා හා සමාජ විද්‍යා යන ක්ෂේත්‍ර යටතේ ලංකාවේ සිටින සියලූම විද්‍යාඥයින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකත්වය දරයි.

    පාසල් ළමුන් අතර විද්‍යා විෂය ප්‍රචලිත කිරීම, විද්‍යා පරීක්ෂණ සදහා සහාය දැක්වීම, විද්‍යා සැසි පැවැත්වීම ආදි විද්‍යා විෂය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරකම් රැසක් මෙම සංගමයේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙයි.

    මේ අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya