මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ'පුර සිසුවාගේ අනතුර සම්බන්ධව සොයා බැලීමට පරීක්ෂණ දෙකක් සිදුවෙනවා- උසස් අධ්‍යාපන අමාත්‍ය

    මාර්තු 10, 2020

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු අනතුරට පත්වීම සම්බන්ධව සොයා බැලීමට පරීක්ෂණ දෙකක් සිදුවන බවත් සිසුන් මර්දනය කරනවා නම්,ශිෂ්‍යන්ට නිදහසේ ඉගෙන ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා නොදෙනවා නම්, ඒ තත්ත්වය නිවැරැදි කිරීම වගකියන රජයක යුතුකම බවත් ඒ යුතුකම ඉටු කරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට සිදු වූ බරපතල අනතුර සම්බන්ධ සිදුවීම පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේ ය.

    ජාතික රෝහල හා කළුබෝවිල රෝහල මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට විශාල පවිශ්‍රමයක් දරා තිබෙනවා. ඒ සියලු පාර්ශවයන්ට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා ස්තූතිවන්ත වෙනවා.

    මේ පිළිබඳව පරීක්ෂණ දෙකක් පැවැත්වෙනවා. විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙනවා. අනෙක දරුවන්ගේ දෙමව්පියන් විසින් මිරිහාන පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ඒ  පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. රජයක් ලෙස විශ්වවිද්‍යාල අභ්‍යන්තර කටයුතු පිළිබඳව පවතින රටේ නීතියෙන් බැහැරව රාජ්‍ය වශයෙන් මැදිහත්වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ  නැති බව ක්‍රියාවෙන් අප පසුගිය කාලයේ ඔප්පු කොට තිබෙනවා.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට එවැනි අශ්‍යතාවයක් තිබුණෙත් නෑ,තිබෙන්නෙත් නැ, මේ රටේ ශිෂ්‍යයන් මර්ධනය කරන්න. මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම්  නොලබන, සුදුසුකම් ලබන එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ නැති,සියලු දරුවන්ට උසස් අධ්‍යාපනය හා උපාධිය ලබාදීම තමයි අපට තිබෙන අත්‍යාවශ්‍යතාවය. ශිෂ්‍යන් පිළිබඳව දයාබර  බැල්මක් හෙලුවත් මේ සමාජය දන්න ප්‍රසිද්ධ රහසක් තිබෙනවා, නවක වදයේ දී ශිෂ්‍යන්ට කායිකව හා මානසිකව වදහිංසා කිරීමේ පිළිවෙතක් තිබෙන බව නොරහසක්. ගෝඨාභය රාජපක්ෂ මතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිළිව බියෙන් හා සැකෙන් තොරව සිංහල,දෙමළ හා බර්ගර් සියලු දරුවන්ට විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපන ලැබීමට ඉඩ ප්‍රස්ථාව  ලබාදීමේ අරමුණින් නවක වදය පිටුදැකීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර තිබෙනවා.

    නවකවදය වැළැක්වීමේ පනතක් තිබෙනවා.නවකවදය වැළැක්වීමට ආධාර කරන ලෙස සියලු ම ආගමික නායකයින්ගෙන්,ශිෂ්‍ය ප්‍රජාවගෙන්,දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින අතර කිසියම්  පාර්ශවයකට නවකවදයෙන් හෝ ශාරිරිකව හෝ මානසික හිංසනයක් වෙනවා නම්, ඒ පිළිබඳව දැනුම් දී, සාක්ෂි විමසලා, අවශ්‍ය අධිකරණ ක්‍රියාවලියකින් දඬුවම් පමුණුවන්න අප ක්‍රියා කරනවා.  ඒ නිසා විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා,නවකවදය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන හැරගිය වින්දිතයන්ට,දරුවන්ට නැවතවතාවක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ වගකීමක් අපට තිබෙනවා.  ඒ නිසා එම කොමිෂම බණ්ඩාරනායක සම්මන්ත්‍රණශලාවේ ඉතම වගකීමේ යුතු සාක්ෂි විමසීමක් කරනවා. එවැනි මැදිහත්වීමක් මිස රජය වශයෙන් සිසුන් මර්දනය කරන්න අවශ්‍ය නම් නිදහස්  අධ්‍යාපනය පවත්වාගෙන යන්න ඕන නෑ. රජයක්,ගුරුවරු හෝ සිසුන් මර්දනය කරනවා නම්,ශිෂ්‍යන්ට නිදහසේ ඉගෙන ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා නොදෙනවා නම්, ඒ තත්ත්වය නිවැරැදි කිරීම  සඳහා මැදිහත්වීම ඕනෑම වගකියන රජයක යුතුකමයි.ඒ යුතුකම පමණයි අප ඉටු කරන්නේ යැයි අමාත්‍යවරයා පැවසීය.

    අනතුරට පත් සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya