මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතියකට කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි....

    මාර්තු 08, 2020

    කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව,ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් රට වෙත පැමිණෙන හා පිටත්ව යන සියළු ගුවන් ගමන් 2020 මාර්තු 06 වන දින සිට සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

     

    එමෙන්ම කුවේට් රටේ වලංගු නේවාසික හෝ පෙර පිවිසුම් වීසා බලපත්‍රයක් හිමි ඕනෑම ජාතිකයෙකුට, එහෙත් පසුගිය සති දෙකක කාලය තුළ ඉහත සඳහන් රට වල රැදී සිට වෙනත් ගුවන්තොටුපලක් මඟින් කුවේට් රාජ්‍යයට පැමිණීම තහනම් කර ඇත.

    එසේම ඉහත රට වල සිට පැමිණෙන කුවේට් ජාතිකයන් හට අවශ්‍ය කරනු ලබන නිරෝධායන ක්‍රමවේදය සලසා ඇති අතර ඔවුන් හට රට තුළට ඇතුළුවීමට අවසර ඇති බව ද එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya