මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    (COVID – 19) හේතුවෙන් සිය කර්මාන්තයට පඩු සිදුවී ඇති මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය විසදුම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකියි

    මාර්තු 07, 2020

    නව කොරෝනා වෛරසය (COVID – 19) හේතුවෙන් සිය කර්මාන්තයට පඩු සිදුවී ඇති සහ කර්මාන්තය සුමට ලෙස කරගෙන යාමට නොහැකි වන මෙරට කර්මාන්තකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය හා සම්බන්ධ වීම හරහා අදාළ ගැටලුව සම්බන්ධ සාකච්ඡා ලබා ගැනීමටත් එයට අවශ්‍ය විසදුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් හැකියාව ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන හා තාක්ෂණ සහ නවෝත්පාදන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති කර්මාන්ත සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව පැවසීය.


    මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා මෙරට සිදු කොරෙන කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සහන මිළට හා උසස් තත්වයෙන් යුතුව ගෙන එනු ලබන්නේ චීනයෙන් බවත්, ඒවා ගෙන පවතින තත්වය යටතේ එම අමුද්‍රව්‍ය ගෙන ඒමට බාධා වී නිසි අයුරින් පවත්වාගෙන යාමට නොහැකිව තිබෙන කර්මාන්ත සම්බන්ධයෙන් ඉදිරියේ දී වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් වැඩිදුරටත් පැවසීය.


    මෙරට කර්මාන්ත පෞද්ගලික අංශයේ ඒවා වුවද එය සුමටව පවත්වා ගැනීමට නොහැකි වුවහොත් එය රටේ ආර්ථිකයට බලපාන අතර එමෙන්ම එම කර්මාන්ත වසා දැමීමට සිදුවුවහොත් ඒවායේ රැකියා කරන පිරිසට රැකියාවන් අහිමි වන බැවින් මෙම කර්මාන්තවලට හානි වීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, ඒවා සුමට ලෙස පවත්වා ගෙන යාම රජයේ වගකීමක් බවත් පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya