මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරී පුහුණුවීම්අත්හිටුවීම ගත් තීරණය ගැන මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරනවා - ඇමති බන්දුල ගුණවර්ධන

    මාර්තු 05, 2020

    රාජ්‍ය විසින් මාර්තු 01 දා සිට පත්වීම් ලබා දී ඇති උපාධිධාරී අභ්‍යාස ලාභීන් 45,585 දෙනාගේ පුහුණුවීම් කටයුතු අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිසම විසින් කරන ලද දැනුම්දීම පිළිබඳව කරුණු පැහැදිළි කර ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ අද (05) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සම කමිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

     උපාධිධාරීන්ට මෙම පත්වීම් ලිපි යවා තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර බවත්, උපාධිධාරීන් 50,000 කට රැකියා ලබා දීම ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් බවත්, එබැවින් මෙයින් මැතිවරණයට බලපෑමක් සිදු නොවන බවත් ඇමතිවරයා පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

     

    මෙම පත්වීම් ලබා දී ඇත්තේ දේශපාලන පක්ෂ භේද වලින් තොර ව බවත් පැවසූ බන්දුල ගුණවර්ධන මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ පිළිබඳව සාධාරණ පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya