මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර සුරක්ෂිතතාව තහවුරු කර දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහනක්- අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    මාර්තු 05, 2020

    අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දෙමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ.

    ඒ අනුව එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා විසින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කර තිබේ.

    ආබාධිත පුද්ගලයින්, වැන්දඹුවන් ,ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධාවලින් පීඩා විඳින්නන් ඇතුළත්ව ප්‍රතිලාභීන් දස ලක්ෂයකට අත්‍යාවශ්‍ය අහාර මල්ලක් ලබා දෙන  අතර , යෝජිත වැඩසටහන යටතේ තේ කොළ,නාඩු සහල් , පිටි පරිප්පු , කරවල හාල්මැස්සන් ආදී අහාර වර්ගයන් ඇතුළත්ව දැනට වෙළඳපොළ වටිනාකම රුපියල් 1007 ක් පමණ වන ආහාර  ද්‍රව්‍ය තෝරාගනු ලබන ප්‍රතිලාභීන් සඳහා රුපියල් 500ක මුදලකට ලබා දෙයි.

    ලංකා සතොස සහ සමූපකාර වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍ර දේශ වල තෝරාගත් බලයලත් වෙළඳසල් සම්බන්ධකරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව 2020.03.04 දින  පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya